Colombo Today Local News

මැයි 9 මන්ත්‍රී නිවාසවලට පහරදුන් තවත් පහක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී බී හේරත් සහ සුමිත් උඩුකුඹුර මන්ත්‍රීවරුන්ගේ වාරියපොල සහ ගොකරැල්ල පිහිටි නිවාසවලට සහ කාර්යාලවලට පහර දී ගිනි තබා අලාභහානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

ඉකුත් මැයි 9 වැනි දින මෙම පහරදීම සිදුකර තිබිණි.

කුරුණෑගල කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19,27,29,36හා 55 අතර පසුවන මැල්සිරිපුර හා මලගනේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වාරියපොල කුරුණෑගල පොලීසිය වෙත භාරදී ඇත.

Related posts

අයියනාර් පුරම් සහ බැරිස්ටර් නෙයින මරික්කාර්ගම ජනතා අයිතියට

colombotoday

ඉස්ලාම් අන්තවාදයේ අනතුර පෙන්වූ පිරිසත් පාස්කු කොමිසමෙන් චූදිතයින් කරලා | සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වය

colombotoday

සහරාන්ගේ සහෝදරයාගේ නිවසින් මරාගෙන මැරෙන ඇදුම් කට්ටල හා උපකරණ

colombotoday

සුවිශේෂී වෙනසක් සමග මධ්‍යම අධිවේගයේ වැඩ ඇරඹේ

colombotoday

අනුර ඇවිල්ලා සති 6යි ගත්ත ණය ට්‍රිලියන 1යි

Admin

මහාපරිමාණ සහල් මෝල් හිමියන් ජනාධිපති ලේකම් අන්දවලා! නීතියට පිටින් සහල් මිල වැඩි කරලා!

colombotoday