Colombo Today Local News

සුවිශේෂී වෙනසක් සමග මධ්‍යම අධිවේගයේ වැඩ ඇරඹේ

ශ‍්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තුල විශේෂ ස්ථානයක් මධ්‍යම අධිවේගී මාර්ගය වෙත හිමි වේ. විශේෂයෙන්ම දිවයිනේ පළාත් රැසක් (බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද) යා කෙරෙමින් ඉදිවන මධ්‍යම අධෙවිගී මාර්ගය නිම වීමත් සමග පළාත් අතර ගමනාගමනය ඉතා කෙටි කාලයක් තුල සිදුකල හැකි වනු ඇති. එමඟින් උතුරු නැගෙනහිර, ඌව වැනි පළාත්වල සිට මහනුවර සහ අගනුවර වෙතත්, ව්‍යාපෘතියෙන් ආවරණය වන අනෙකුත් පළාත් වෙතත් ඉතා කෙටි කාලයක් තුල ගමන් කිරීමට හැකි වීම ආර්ථික, පරිපාලන හා ප‍්‍රවාහන යන සෑම අංශයකම වර්ධනයට විශාල රුකුලක් වනු ඇත.

පෙබරවාරි මස 01 වන දා කුරුණෑගල, අලව්ව – ගිරිඋල්ල ප‍්‍රධාන මාර්ගයේ කුඩගම්මනදී මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ආරාධනය පරිදි, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි. මීරිගම සිට කුරුණෑගල දක්වා කි.මි 39.29 දුරකින් යුතු මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර සඳහා රු.බිලියන 137.098 ආයෝජනයක් සිදුකරනු ලබයි. මීටර් 3.6 බැගින් වන මංතීරු 4කින් සමන්විත මාර්ගයේ පළළ මීටර් 23කි. අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 05ක් ඇතුලත් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර තුල මීරිගම ,නාකලගමුව, මල්පිටිය , පොතුහැර සහ කුරුණෑගල යන ස්ථානයන්හී මෙම අන්තර් හුවමාරු ස්ථාපිත වනු ඇත. 2019 වසරේ මැද භාගය වන විට මෙම අදියරේ ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙරට අධිවේගී මාර්ග ඉතිහාසය තුල සුවිශේෂී ස්ථානයක් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වෙත හිමි වන්නේ, සම්පූර්ණයෙන්ම දේශීය ඉදිකිරීම්කරුවන් විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ඉදිකිරීම් කටයුතු කිරීම හේතුවෙනුයි. මීට පෙර මෙරට සිදුකල කිසිª අධිවේගී මාර්ගයක ප‍්‍රධාන මට්ටමේ ඉදිකිරීම් සඳහා දේශිය ඉදිකිරීම්කරුවන්ගේ දායකත්වය ලබා ගෙන නොමැති අතර මෙම ව්‍යාපෘතියත් සමඟ මෙරට අනාගත දේශීය ඉදිකිරීම් ක්ෂේත‍්‍රය වෙත තවත් මාවතක්ද විවර වනු ඇත. නව රජය දේශීය ඉදිකිරීම් කරුවන් දිරිගැන්වීම සඳහා ගත් සුවිශේෂ පියවරක් වන මේ තුලින් අනාගතයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් විදේශ රටවල් වෙත ඇදී යන විශාල මුදල් ප‍්‍රමාණයක් මෙරට තුල රඳවා ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.

අදියර 4ක් යටතේ ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගය කි.මී.168.7ක දුරකින් යුක්ත වේ.

– රජිත සමරසූරිය

Related posts

වැඩබලන ඇමතිවරු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනියි – අගමැතිගෙන් ජනාධිපතිට ලිපියක්

colombotoday

සේවක හිඟයෙන් අදත් දුම්රිය ගමන් වාර 10ක් අවලංගු‍යි

Admin

මීළඟ IMF සාකච්ඡා වටයේදී පළමුවෙන් සහන රාජ්‍ය සේවකයන්ට

Admin

පාරිභෝගික කටයුතු අධිකාරියේ තොරතුරු නිළධාරිනිය “ගොන් පාර්ට්” දමයි

colombotoday

සහරාන් හෂීම් සමග ආගමික අන්තවාදීන් අත්අඩංගුවට ගන්නැයි, බුද්ධි තොරතුරු අනුව වාර්තා 340 ක් ඉදිරිපත් කරමින් ඉල්ලීම් කළා… – හිටපු බුද්ධි ප්‍රධානියා කියයි

colombotoday

මිළ සූත්‍ර අහෝසියි… පෙට්‍රල්, ඩීසල් මිල පහත දමයි…

colombotoday