Colombo Today Local News

“සීගිරිය බලකොටුවක් නෙමේ ලෙෂර් පාර්ක් එකක්”

සීගිරිය බලකොටුවක් නොවන බවට පර්යේෂණවලින් තහවුරු වී ඇති බව සංචාරක අමාත්‍යංශය පවසයි.

සීගිරිය උද්‍යානයක් ලෙස භාවිතා කර ඇති බවට තොරතුරු අනාවරණය වන බව සංචාරක අමාත්‍යංශ ලේකම් චූලනන්ද පෙරේරා පවසයි.

මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් ඔහු පළ කළ අදහස්…

“සංචාරක මධ්‍යස්ථානයක් හැටියට සීගිරිය මුළු ලෝකෙම දන්නවා. නමුත් සීගිරියේ හරි දේ ලෝකෙට යන්නේ නෑ. සීගිරිය ලෝක පූජිත සංචාරක සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස නම් කළත් ඒ පිළිබඳව හරි ක්‍රමවේදයක් නෑ. ඒ නිසා මේක හරි තත්ත්වයට දාන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරන්න. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් සංස්කෘතික මධ්‍යස්ථානයත් යුනිසෙෆ් එකේ නිලධාරිනුත් හැමදෙනාම ඒකරාශී වෙලා ඉතාමත්ම ධනාත්මකව සාකච්ඡාවක් පැවැත්වුණා. අපි හැමදෙනාම මේ සීගිරියට යනවා සීගිරිය බලකොටුවක් කියලා හිතාගෙන. සීගිරිය බලකොටුවක් වුණානම් ඔච්චර ලස්සනට හදලා ඔච්චර පොකුණු හදලා ඔච්චර ලස්සන මල්වතු හදලා තියෙන්නේ ඇයි. ඇත්තටම සීගිරිය බලකොටුවක් නෙමේ සීගිරිය ලස්සන ලෙෂර් පාර්ක් එකක්. පේරාදෙණිය වගේම ලස්සනට විවේකයෙන් ඉන්න ඒ කාලේ තිබුණු ශ්‍රී වීභූතියත් එකක් රජතුමා හදපු ලෙෂර් පාර්ක්‍ එකක්. එතන සම්පූර්ණ සාධයකයත් හමුවෙලා සනාථ වෙලා ඉවරයි.”

තවද, මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා ඉදිරියේදී නව මෘදුකාංගයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

colombotoday

ආණ්ඩුවට අවශ්‍ය වුයේ දේශාපාලන ප්‍රයෝජන ගැනීම පමණයි ඉල්ලීම්වලට ඇහුන්කන් දුන්නා නම් රට මැයි මාසයේ විවෘත කරන්න තිබුණා-රනිල්

colombotoday

ගම්මන්පිල දෙවන වාර්තාවත් එළියට දමයි

Admin

දුරකතනය නොදුන් මව සමග උරණ වූ සිසුවෙක් දිවි නහ ගෙන

colombotoday

රටටම නොමිළේ Wi-Fi දෙන ව්‍යාපෘතියත් අසාර්ථකයි… ඇමති හරීන් පිළිගනී

colombotoday

පාස්කු ප්‍රහාරය: වගඋත්තරකරුවෙකු වූ රනිල්ට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්‍ඨාධිකරණය තීන්දු කරයි

colombotoday