Colombo Today Local News

දෙවන එළිසබෙත් රැජිනගේ දේහය එඩින්බරෝ මාලිගය වෙත රැගෙන එයි

දෙවන එළිසබෙත් රැජිනගේ දේහය බැල්මොරල් කාසල් සිට ස්කොට්ලන්තය හරහා පැය හයක ගමනකින් පසු එඩින්බරෝහි හොලිරූඩ්හවුස් මාලිගය වෙත ගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සැප්තැම්බර් 19 සඳුදා පැවැත්වෙන දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බිඩෙන් සහභාගී වන බව ධවල මන්දිරය තහවුරු කර තිබේ.

එමෙන්ම බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වන බව ප්‍රකාශ කර ඇති අතර බ්‍රසීල විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ සැප්තැම්බර් 19 වන දින රැජිනගේ භූමදානය සිදු කිරීමට පෙර ජනාධිපතිවරයා ලන්ඩනයට යන බවයි.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද රැජිනගේ අවසන් කටයුතු වෙනුවෙන් සහභාගී වන බව දන්වා තිබේ.

ලොව උසම බර්ජ් කලීෆා ගොඩනැගිල්ලද රැජිනගේ පින්තූරයකින් ආලෝකමත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

විමල්ගේ පාර්ලිමේන්තු උපන්දින සැමරුමට රීති ප්‍රශ්නයක්

colombotoday

පාඩුයි කියා ලොතරැයි මණඩල දෙකත් විකුණන්න යයි !

colombotoday

නිකවැරටියේ නිවසකත් ගෑස් ටැංකියක් පුපුරයි.

colombotoday

ඉස්ලාම් ආගම අතහැරගිය මුස්ලිම් පිරිසක් කොළඹදී සංවිධානගත වෙයි !

colombotoday

අනුර කුමාර වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි.

colombotoday

පොලිසියේ ලොක්කෝ 8ක් පොලිස්පති නිර්දේශයෙන් වහාම මාරු කෙරේ

colombotoday