යාපනය විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර තිබෙන බවත්, කිසිදු බියකින් තොරව නැවත එහි ගොස් අධ්‍යයන කටයුතුවල නිරත වන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදුකළේ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය, ආචාර්ය මණ්ඩලය ඇතුළු දෙමව්පියන් පිරිසක් සමග ඊයේ ජනපති කාර්යාලයේ පැවති හමුවකදීය.
ශිෂ්‍යයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පූර්ණ වශයෙන් වගකියන බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඕනෑම අවස්ථාවක ඒ පිළිබඳ සංවේදිව කටයුතු කරන ලෙස පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙන බව ද සඳහන් කළේය. විශ්වවිද්‍යාලය තුළ සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශිෂ්‍යයින්ගෙන් සහ ආචාර්ය මණ්ඩලයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.