Colombo Today Local News

කැස්බෑව – පිටකොටුව බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

මාර්ග අංක 120 කැස්බෑව – පිටකොටුව පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

කිව් ආර් ක්‍රමවේදය ඔස්සේ බස්රථයකට ලබා දෙන ඩීසල් ඉන්ධන ලීටර් හතලිහ සතියකට තබා දිනකට වත් ප්‍රමාණවත් නොවන බව පවසමින් ඔවුන් මෙම වර්ජනයේ නිරත වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

තමන්ට ගමන් වාර තුනක් පිටකොටුවට යාමට සහ නැවත පැමිණීමට දිනකට ඩීසල් ලීටර 60 ක් පමණ වැයවන බව ඔවුන් සඳහන් කරයි.

තමන්ට ලබා දෙන ඉන්ධන කෝටාව අවම වශයෙන් ලීටර් සීයක් දක්වා වැඩි කරන ලෙසත් එය දින 2 කට පමණක් ප්‍රමාණවත් වන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම වර්ජනය හේතුවෙන් එම මාර්ගයේ ගමන් කරන මගීන් දැඩි අපහසුවට පත්ව ඇති බව වාර්තා වේ.

Related posts

ඇමති චම්පිකගේ පියා කලුරිය කරයි

colombotoday

රනිල්ට හිතුවක්කාරකමට ETCA අත්සන් කරන්න දෙන්නෑ.. සහය දීමගැන ශ්‍රීලනිපය තීරණයක් ගෙන නෑ

colombotoday

අල්ලස් හෝ දුෂණ කොමිසමට නව විමර්ශන අධ්‍යක්ෂකවරයෙක්

colombotoday

රියදුරු බලපත්‍ර ලබාගැනීමට ප්‍රථමාධාර පුහුණුවකුත් ඇතුල් ක‍රයි

Admin

පදිකයෙක් යට කර රථය පලා යයි. පදිකයා මරුට!

colombotoday

කොරෝනා නීති නොතකා යාපනයේ පූජාවන් පැවැත්වූ කෝවිල් 2ක් සීල් තියයි | දෙවියන් පුදන්න දහස් ගණනක් ගගේ ගිලී නාලා

colombotoday