extremism & terrorism activitiesWorld

මුස්ලිම් කණ්ඩායමක් පකිස්ථානයේ ක්‍රිස්තියානි ගමකට පහර දී කොල්ල කති. කාන්තාවන්ටත් අඩත්තේට්ටම් කරලා.

මුස්ලිම් ජාතිකයන් 200 කට අධික පිරිසක් පාකිස්තානයේ කිතුනු ගමක පවුල් 80 ක් වටලාපහර දී තිබෙනවා. මුස්ලිම් ඉඩම් හිමියෙකු සමග පල්ලියක් පිරිසිදු කරමින් සිටි ක්‍රිස්තියානි තරුණයන් අතර ඇති වූ සුළු ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වූ බව ප්‍රාදේශීය වාර්තා පවසයි.

මැයි 15 වන දින පාකිස්තානයේ පන්ජාබ් පළාතේ ඔකරා දිස්ත්‍රික්කයේ පිහිටි චක් 5 ගම්මානයේ ක්‍රිස්තියානි ප්‍රජාවට මුස්ලිම් 200 ක පිරිසක් පහර දුන්හ. මෙම ප්‍රහාරය පැය භාගයක් පුරා පැවති අතර කිතුනුවන් අට දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර කිතුනු නිවාස 15 ක් කොල්ල කෑහ.

ඔවුන් වීදුරු බෝතල්, ගල්, පොරව, පොලු සහ ගල් වලින් සන්නද්ධව පැමිණි බව ගම්වාසීන් මාධ්‍යයට පවසා ඇත.

“ඔවුන් අගුල් කඩා, අපේ කොණ්ඩයෙන් අල්ලා එළියට ගත්තා. තරුණ ගැහැණු ළමයින්ට පහර දී ඇඳුම් ඉරා දැමූවා” යැයි දිවි ගලවා ගත් කාන්තාවක් මෙහිදී පවසා ඇත.

කිතුනු තරුණයන් සහ මුස්ලිම් ඉඩම් හිමියෙකු අතර ඇති වූ සුළු ආරවුලක් හේතුවෙන් මෙම ප්‍රහාරය සිදුවී ඇත. චක් 5 හි ශාන්ත තෝමස් කතෝලික පල්ලියේ පූජක කාලිඩ් මුක්තාර් පියතුමා සඳහන් කරන්නේ මුස්ලිම් ඉඩම් හිමියෙකු ඇවිද යන විට කිතුනු පිරිමි ළමුන් කිහිප දෙනෙකු පල්ලිය පිරිසිදු කරමින් සිටි බවයි.

“පරිපාලනයේ දුර්වලතාවය ආගමික සුළුතරයන්ට එරෙහි මෙවැනි ප්‍රහාරයන්ට අනුබල දෙයි, වැරදිකරුවන්ට සාමාන්‍යයෙන් නිදැල්ලේ යන්නට ඉඩ හරිනු ලැබේ.” ” යැයි මුක්තාර් පියතුමා පැවසීය.

Related posts

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනා

colombotoday

යුක්‍රේනයට නව හමුදාපතිවරයෙක්

Admin

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කුරණයට අනුව යුක්ති සහගතද?

colombotoday

මක්කම දෙසට මිසයිල ප්‍රහාරයක්…

colombotoday

හිජාබය නිසා තමීම් ඉක්බාල්ගේ බිරිදට ලන්ඩනයේදී ඇසිඩ් ප්‍රහාරයක්..

colombotoday

ඉරාකයේ ෂියා පල්ලියකට IS ප්‍රහාරයක්.. 35ක් මියයයි

colombotoday