Colombo Today Local News

විදේශ කටයුතු ඇමති අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය අමතයි

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (28) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ තිස් හතරවැනි මහ සභා සැසිවාරය ඇමතීමට නියමිතය.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු දෙකට මෙම සමුළුව අමතන විදේශ අමාත්‍යවරයා  වගවීම හා ප්‍රතිසන්ධන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් මානව හිකම් කවුන්සිලයේ සාමජික රටවල් 47 හමුවේ අදහස් දක්වනු ඇත.

මාර්තු 22 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව සකස් කළ වාර්තාවේ ප්‍රගතිය මෙවර සැසියේ දී ලිඛිතව ඉදිරිපත් කිරීමට නියමිත අතර එය ඊට පසුදින විවාදයටද ගැනීමට නියමිතය.

මේ අතර ජිනීවා නුවර රැඳී සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (27) දිනයේ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටරෙස් මහතා හමුවී ද්විපාර්ශික සාකච්ඡාවක්ද පවත්වා ඇත.

මෙවර ජිනීවා සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු රජයේ දූත පිරිසක්  මේවන විට ජිනීවා නුවර රැඳී සිටිති.අමාත්‍යවරයා සමග පාර්ලිමේන්තු මන්ත්‍ර ජයම්පතී වික්‍රමරත්න ,විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්ස්ත ජාතිනීගේ අංශයේ අධ්‍යක්ෂක ජනරාල් හා අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ ඇතුළු රාජ්‍යතාන්ත්‍රක නිලධාරීහු පිරිසක් එක්වූහ.

ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව, මානව හිමිකම්, යහපාලනය ආදිය සැලකිල්ලට ගැනීමේ දී ශ්‍රී ලංකාව මේ වන විට ලබා තිබෙන ප්‍රගතිය එම වාර්තාව මඟින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි  එම මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය කියා සිටී.

මාර්තු මස 24 දා දක්වා පුරා මාසයකට ආසන්න කාලයක් පැවැත්වීමට නියමිත මෙම සැසිවාරයේදී  ශ්‍රි ලංකාව ,සුඩානය , ලිබියාව ,සිරියාව ඇතුළු  එක් එක් රටවල මානව හිමිකම් තත්ත්වය මෙන්ම එය ප්‍රවර්ධනය වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග, යුද ගැටුම්, ආර්ථික වර්ධනය ආදී වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සහෝදරයාගේ වියෝවට කම්පාවූ නංගී ලය පැලී මරුට… දියණිය පුතා, මස්සිනා සහ නැන්දාත් රෝහලේ..

colombotoday

කාදිනල් විරෝධය අකුලාගනී.. ලෝකෙ ලොකුම නත්තල් ගහ අගමැති අණින් යලි ඉදිවෙයි

colombotoday

විවාහා සහ අන්තිම කැමැති පත‍්‍ර පනත් සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

මහින්ද එලවන්න රනිල්ගෙන් තවත් තුරුම්පුවක්… හැකිනම් පරදන්නැයි අභියෝග කරයි…

colombotoday

උතුරේ බෞද්ධ විහාරස්ථානවලට තර්ජණ උග්‍ර වේ.. ජනපති නිහඩයි !

colombotoday

උසස් පෙළ හා ශිෂ්‍යත්වය ගැන අවසන් තීරණය මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසු

colombotoday