සාමාන්‍ය ජනතාවගේ ඉඩම් අත්පත් කරගෙන පවත්වාගෙන යන අනවශ්‍ය හමුදා කඳවුරු වහාම ඉවත් කළ යුතු බව අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවරදී ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කෙසේ වෙතත් හමුදා කඳවුරු සියල්ල ඉවත් කළ යුතු බවට තමන් යෝජනා නොකරන බවද ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් තරම් කඳවුරු තවදුරටත් පවත්වාගෙන යාමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවද අමාත්‍ය රාවුෆ් හකිම් මහතා මෙහිදී කියා සිටියේය.