Colombo Today Local News

වාහනවලට හරියන පාරවල් නැති නිසා මිළ වැඩි කළා.. ත්‍රීවීල් වෙනුවට පුංචි කාර් එකක් ගෙනැත් අඩුවට දෙනවා

ravi36

ලංකාවට ඔරොත්තු නොදෙන තරම් වාහන ප්‍රමාණයක් දැනට ධාවනයේ යෙදෙන බැවින් එම රථවාහන ප්‍රමාණයට සාපේක්ෂව ලංකාවේ මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා බදු මිළ වැඩි කළේ යෑයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

රජයේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදිරි වසර ඇතුළත එම බදු මුදල් අඩු කිරීමටත් ජනතාවට බොහෝ සහන ලබාදීමටත් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා ඊයේ (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ත්‍රී රෝද රථ සඳහා බදු මුදල් වැඩි කළේ රටට උහුලාගත නොහැකි තරමට ත්‍රී රෝද රථ දිනෙන් දින වැඩිවන නිසා බවත් ත්‍රී රෝද රථය වෙනුවට කුඩා මෝටර් කාර් රථයක් සහනදායක මිලකට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා පැවසීය.

Related posts

දුමින්ද සිල්වා නිදහස් කරන්න තැබූ අත්සන මනෝ ගනේෂන් ඉල්ලා අස්කර ගනියි – Video

colombotoday

තේ අපනයනය පහත වැටේ.. සත්වසරකදී අඩුම අපනයන 2016 දී

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2674ක් දක්වා ඉහළට

colombotoday

විමල් වීරවංශගේ බිරිඳ වසර 02ක් සිරගෙට

colombotoday

අත්තනෝමතිකව රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම – CID ලොක්කන්ට එරෙහි පරීක්ෂණය ඇරඹේ

colombotoday

උද්ඝෝෂණ, වර්ජන මඩින්න ෆොන්සේකා යටතේ විශේෂ බළකායක් !

colombotoday