Colombo Today Local News

75කට වැඩි පිරිසක් හදිසියේ රෝගී වෙයි… ශ්‍රී පාද අධ්‍යාපන පීඨය තාවකාලිකව වසයි !

හැටන් ශ්‍රී පාද විද්‍යා පිඨය තුළ වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවධානමක් හේතුවෙන් විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යයාලයේ නිලධාරින් විසින් දැනුම් දී ඇත.

ඒ අනුව පෙබරවාරී මස 5 වන දින තෙක් පීඨය වසා තබන ලෙස අද(30) දිනයේ දී පීඨාධිපතිනියට උපදෙස් දී තිබේ.

එම විද්‍යා  පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු සිසු සිසුවියන් 75 කට ආසන්න පිරිසකට ඊයේ(29)දින සිට උණ රෝගය සහ ස්වසන අපහසුතා ඇති විම නිසා කොටගල ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

අද දිනයේ දීත් සියයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලැබීමට පැමිණි බව කොටගල රජයේ ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරී ගනේෂන් මහතා පැවසීය.

එම පිරිස අතරින් පීසක් කොටගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, අනෙකුත් පිරිස දික්ඔය රජයේ දිස්ත්‍රික් මුලික රෝහල වෙත යොමු කිරිමටද පියවර ගෙන ඇත.

මහජන සෞඛ්‍ය නිලධාරින් විසින් අද දිනයේ දී එම විද්‍යාපීඨයේ නේවාසික ස්ථාන පරික්ෂා කීමටත් විෂබීජ නාශක ඉසමින් ජිවානුහරනය කිරිමට පියවර ගන්නා බවත් පැවසීය.

මේ සම්බන්ධයෙන් ශ්‍රිපාද විද්‍යාපිඨයේ නිලධාරිනියක් පැවසුවේ වෛද්‍ය නිගමනය අනුව උපදෙස් ලබා ගැනිමට ලිපියක් යොමුකර ඇති බවයි.

Related posts

ආසියානු රදගුරු සමුළුව කොළඹදී.. වියදමට රජයෙන් මිලියන 10 ක්

colombotoday

කැළෑබෝගස්වැවේ ඓතිහාසික අසාධාරණය

colombotoday

ගාලුමුවදොර විරෝධයේදී විනෝද වෙමින් සිටි පුද්ගලයකු මිය යයි

colombotoday

ගෙදර අවුල් විසදගන්න රාජිත සෞඛ්‍ය සේවය බිල්ලට දීලා.. GMOA රාජිතට එරෙහිව නඩු යයි

colombotoday

මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ අත්අඩංගුවට

colombotoday

නිරිතදිග මෝසම් සක්‍රීය වෙයි…. සුළං තත්වයේ වැඩිවීම තවදුරටත්

colombotoday