ඩීසල් නෞකාවක් ලබන 15-17 අතර සහ පෙට්‍රල් නෞකාවක් ලබන 22-24 මෙරටට පැමිණීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
මේ සඳහා අත්තිකාරම් ගෙවීම් ඉකුත් සතියේ සිදුකළ බව ද අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර ඇත.
එසේ ම, ඩීසල් නෞකාවේ ඉතිරි ගෙවීම පෙරේදා (ජූලි 11)දින සිදු කර තිබේ.