Covid 19

ගර්භනී මව්වරුන්ට හා කුඩා දරුවන්ට කොරෝනා එන්නත ලබා දෙන්නේ නැ..

තවත් කොරෝනා මරණ 08 ක් ඊයේ (06)දින වාර්තා විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොච්චිකඩේ, කඩවත, මොරටුව, කැලණිය, කොළඹ 14, කොළඹ 13, මහරගම සහ මුන්දලම ප්‍රදේශවලින් එම මරණ වාර්තා වූ බවයි.

මිය ගිය අය අතර කාන්තාවන් 04 දෙනෙකු ද වේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 351 කි.

ආසාදිතයින් 726 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගත්තේ ය.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 68 , 576 දක්වා ඉහළ ගියේ ය.

සුවය ලබා ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 62 , 594 කි.

මේ අතර කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසුවේ, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 20 ක ප්‍රතිශතයක් කොළඹින් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම කොරෝනා එන්නත ගර්භනී මව්වරුන්ට හා කුඩා දරුවන්ට ලබා නොදෙන බව ද ඔහු පැවසුවේ ය.

Related posts

“ඩෙල්ටා” නිසා මෙරට රෝහල් පද්ධතිය දැරිය නොහැකි තත්ත්වයකට

colombotoday

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

colombotoday

ගාල්ලේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි තවත් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

අහඹු පරික්ෂාවකින් කොළඹ කොරෝනා ආසාදිතයින් 937ක්

colombotoday

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ්

colombotoday

ඉතාලියෙන් ආ 65කට උසාවියෙන් නියෝගයක් !

colombotoday