Covid 19

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ්

කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම නිලධාරීයාට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (13) දිනයේ හඳුනාගත් බවය.

ඒ අනුව ශ්‍රී ලංකා රජය විසින් නිකුත්කර ඇති මාර්ගෝපදේශවලට අනුගතවෙමින් එම නිලධාරීයාව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති බව අදාළ නිවේදනයේ සඳහන් ය.

කොවිඩ් ආසාදිත කාර්යමණ්ඩල සාමාජිකයා මහකොමසාරිස් කාර්යාලය තුළ සිය රාජකාරී කටයුතු සිදුකිරීමේ දී බාහිර පාර්ශ්වයන් හා සම්බන්ධ වී නොමැති අතර ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් කාර්යමණ්ඩල සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට ද පියවරගෙන තිබේ.

එමෙන්ම කාර්යාල පරිශ්‍රය විෂබීජහරණයට ලක්කර අවදානම පාලනය කිරීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ගගෙන ඇති බවද කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Related posts

‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාවක් IDH රෝහලට

colombotoday

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි

colombotoday

කොළඹ-ගම්පහ කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක්

colombotoday

රතන සූත්‍රය දේශනා කිරීම ඉතාමත් වටිනවා !

colombotoday

දිවුලපිටියේ ඇඟළුම් කම්හලක 80කට කොරෝනා

colombotoday

බෙලිඅත්තේ කොස්තාපල්වරයකුට කොරෝනා ආසාධනය වෙයි

colombotoday