Colombo Today Local News

ලක්ෂ 70 ක කහ තොගයක් මාරවිල මුහුදුකටුව වෙරළ තීරයෙදී අල්ලයි

මාරවිල මුහුදුකටුව වෙරළ තීරයෙදී ලක්ෂ 70 කට ආසන්න වටිනාකමකින් යුත් කහ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු මාරවිල පොලිසිය අද(10)දින අලුයම අත් අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ගෙන ආ බව කියන මෙම කහ තොගය, මුහුදුකටුව වෙරළ තිරයේ සිට ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාදම්පේ,තොඩුවාව හාබරුදැල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසි කියයි.

අදාල කහ තොගය මුහුදුකටුව සිට මීගමුවට රැගෙන යාම සදහා කටයුතු කර ඇති බව පරික්ෂණවලින් අනාවරණය වී තිබේ.

කහ තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හා ලොරි රථය සමග කහ තොගය මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

බැඳුම්කරයටත් වඩා දරුණු රිෂාඩ් බදුර්දීන් සිදුකල විල්පත්තු වන සංහාරය සොයන්න කොමිසමක් පත් කරන්න – දූෂණ විරෝධී පෙරමුණ

colombotoday

කොළඹ නගරයට විදුලි බස් රථ

colombotoday

සම්ප්‍රදායට පිටුපාමින් වෙසක් පොහොය අප්‍රේල් මාසයට යොදා ගැනීම සිදුනොවිය යුත්තක් – මල්වතු පාර්ශවය

colombotoday

මම කියන කෙනාට දෙවනි මනාපේ දෙන්න

Admin

හොරොව්පතානේ මුස්ලිම් පල්ලි 23 ක දොරගුළු දමයි

colombotoday

හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත් කොරෝනා රෝගීන් දෙදෙනෙක්

colombotoday