අද පෙරවරු 11ට ආරම්භ වූ පාර්ලිමේන්තුවේ කටුයුතු හදිසියේ අත්හිටුවීමට කතානායක වරයා විසින් කටයුතු කරනු ලැබුවා. ඊට හේතුව වූයේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්රීවරුන් සභාව මැදට පැමිණ විරෝධය දැක්වීමයි.
පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර ඇති අතුරුදන් වූවන් පිළිබඳව කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතට විරෝධය දක්වමින් ඔවුන් කළුපටි පැළදගෙන මෙලෙස විරෝධය දක්වයි.