Colombo Today Local News

ඉදිරි සති 3දී අත්‍යවශ්‍ය ඖෂධ ටිකත් ඉවරයි…. ජලභීතිකා – සර්ප විෂ එන්නත් නැතිව දැනටමත් 20ක් මිය ගිහින්.

ඉදිරි සති තුන ඇතුළතදී රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල බරපතළ හිඟයක් නිර්මාණය වන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක පවසයි.

දැනට ඇතැම් ඖෂධ සඳහා භාවිත කරන ආදේශක ඖෂධ වර්ග ද ඉදිරි සති 3 ඇතුළතදී රෝහල් පද්ධතියෙන් අවසන් වනු ඇතැයි සභාපතිවරයා සඳහන් කරයි.

යම් රෝහලක් තොග ගබඩාවලින් ඖෂධ ඇණවුම් කළ විට සියයට විස්සක ප්‍රමාණයක් දැනට ලබාදෙන බව පැවසූ දසනායක මහතා එම ප්‍රමාණය ද ඉදිරි දින කිහිපයේදී අවසන් වනු ඇතැයි ද සදහන් කරයි.

දැනට රෝහල්වලින් තෝරාගත් රෝගීන්ට පමණක් ඖෂධ දෙන බව ත්, එහිදී වයසින් වැඩි රෝගීන්ට වඩා තරුණ රෝගීන්ට ප්‍රමුඛත්වය දෙන බව ත් සභාපතිවරයා පවසයි.

සුනඛයන් සපා කෑමකදී ලබාදෙන එන්නත් දෙකම හිඟවී තිබෙන බව ත්, සර්ප විෂට අදාළ ප්‍රතිසර්ප විෂ එන්නත හිඟවී තිබෙන බව ත් ඒ හේතුවෙන් පසුගිය කාලය තුළ රටපුරා 20 දෙනෙකු මියගොස් තිබෙන බව ත් ඔහු පවසයි.

ප්‍රතිජීවක වර්ග, කුඩා දරුවන්ට ලබා දෙන සිරප් වර්ග, දණහිසේ වේදනාවට ගන්නා වේදනා නාශක ආලේපනවල හිඟයක් ද පවතින බව හෙතෙම සඳහන් කරයි.

දැනට රෝහල්වල රෝගීන්ගේ ශල්‍යකර්ම කටයුතු සීමා කර තිබෙන බවත් ශල්‍යකර්ම කිරීමට අවශ්‍ය සැත්කම් පිහි සහ පිහි රඳවන ආධාරක, ශල්‍ය තුවාල මැසීමට භාවිත කරන තන්තු වර්ගවල හිඟයක් ද පවතින බවත් දසනායක මහතා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

උඩරට දුම්රිය මාර්ග රක්ෂිතයේ ගින්නක්, ගින්න සිඝ්‍රයෙන් පැතිර යයි.

colombotoday

පැය 03 යි විනාඩි 20ක් අදත් විදුලිය නැහැ

colombotoday

මැතිවරණය එපා. මෛත්‍රී ගුණරත්නගේ පුතාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

මහා සංගරත්නයේ නියෝගයට අගමැති කිපෙයි.. මාධ්‍යටත් අභියෝග කරයි (Video)

colombotoday

විදෙස් රැකියා ආයතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු වැඩිකරමින් ගැසට් නිවේදනයක්

Admin

ගාලුමුවදොර අරගලයේ නිරත සාමාජිකයින් අද ජනපති හමුවෙයි

colombotoday