එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය තවත් සති තුනකින් දීර්ඝ කර තිබේ.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනූව ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගිනි.
අදාළ කාර්ය සාධක බලකායේ නිල කාලය පසුගිය මැයි 27 වැනිදායින් අවසන් විය.
ඒ අනුව එම කාර්ය සාධක බලකායේ කාර්යයන් අවසන් කිරීම සඳහා තවත් සති තුනක් ලබාදී තිබේ.