Colombo Today Local News

ඉන්ධන අර්බුදයත් සමග අපේක්ෂා රෝහලේ කටයුතු අඩාල වීමේ අවදානමක්…

ඉන්ධන අර්බුදයත් සමග මහරගම අපේක්ෂා රෝහලේ දෛනික කටයුතු අඩාල වීමේ අවදානමක් මතුව තිබේ.

ඉන්ධන අර්බුදය හේතුවෙන් වෛද්‍යවැරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට සේවයට පැමිණීමේ ගැටලු මතුව ඇති බව අපේක්ෂා රෝහලේ, විශේෂඥ ශල්‍ය වෛද්‍ය, කනිෂ්ක ද සිල්වා මහතා පවසයි.

වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන ලබා ගැනීමේ නිසි වැඩපිළිවෙළක් නොවුණහොත් ඉදිරියේදී රෝහල් කටයුතු අඩාල විය හැකි බව ද ඔහු පවසයි.

අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කරන්නේ, ඉන්ධන අර්බුදය හේතුවෙන් වෛද්‍යවරුන්ට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයට රෝහල වෙත පැමිණීමේ ගැටලු මතුව ඇති අතර ප්‍රමුඛතා පදනම යටතේ ඔවුන්ට ඉන්ධන ලබාදෙන්නැයි ලිපියක් නිකුත් කර ඇති බවයි.

කෙසේ වෙතත් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් පවතින වාතාවරණය හමුවේ එම ලිපිය ඉදිරිපත් කර ඉන්ධන ලබා ගැනීමේ ගැටලු පවතින බව ද ඔහු පැවසුවේ ය.

මේ අතර, ජාතික රෝහලේ හදිසි නොවන ශල්‍යකර්ම සීමා කර ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි.

අධ්‍යක්ෂවරයා සදහන් කරන්නේ, හදිසි ශල්‍යකර්ම සිදු කෙරෙන බවය.

Related posts

හෙරොයින් සමඟ හමුදා සෙබලෙකු අත්අඩංගුවට

Admin

අල්ලස් කොමිසමට බාර දුන් වංචා, දූෂණ පැමිණිළි ලිපි ගොණු ආගිය අතක් නෑ…

colombotoday

මෙරට ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක්.

colombotoday

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ බිරිදට කොරෝනා ආසාධිත වෙයි.

colombotoday

අධිකරණ කටයුතුවලට බාධා කල රැට්ටා පොලිස් අත්අඩංගුවට

colombotoday

ජනපති, අගමැති අතර සීතල යුද්ධයක්.. ඇමතිවරු ගහගන්නවා.. මෙහෙම ආණ්ඩුවක් කරන්න බෑ

colombotoday