Colombo Today Local News

22 හැවිරිදි මව මාස නවයේ බිළිදාට වස දී මව පැන ගිහින්

තම සැමියා රැකියාවක් සොයා ගැනීම සදහා ගිය අතරතුර දී බිරිය තම නම මස් බිළිදාට විෂ ද්‍රව්‍යක් පොවා මරා දමා නිවසින් පැන යාමේ පුවතක් මාලිම්බඩ පොලීසියෙන් වාර්තා වෙයි.

එසේ මරුමුවට පත්ව ඇත්තේ තෙලිජ්ජවිල ඇල්ගිරිය කන්දහේනේ පදිංචිව සිටි වීරතුංග ආරච්චිගේ පසිදු ප්‍රභාත් නැමැති බිලිදෙකි.

එම බිළිදා හා අවුරුදු තුනක් වයසැති දරුවා නිවස තුළ අඩන ශබ්දය අසල්වැසි නිවසේ පදිංචි ලොකු අම්මාට ඇසී පැමිණ බලන විට මෙම අපරාධය පිළිබඳව තොරතුරු හෙලි වී ඇත.

ඒ වන විටත් කෙදිරිගාමින් සිටි නව මස් බිලිදා ඉතා ඉක්මණින් ත්‍රීරෝද රථයක් ගෙන්වා අකුරැස්ස රජයේ රෝහල වෙත රැගෙන යාමට ඇය කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් රෝහල් ගත කරන විටත් එම බිලිදා මිය ගොස් සිටි බව වෛද්‍යවරු තහවුරු කර ඇත.

කිසියම් විෂ සහිත යමක් පොවා එම දරුවා ඝාතනය කර මව පැන යන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

ඇය විසින් ලියා තබන ලද ලිපියක් ද පොලීසිය සොයා ගෙන ඇත.එහි සඳහන්ව ඇත්තේ වැඩිමල් දරුවාට තමා ආදරය කරන බවත් මේ කළ දෙයට සමාවක් නොදෙන ලෙසත්ය.

22 හැවිරිදි සැකකාර මව සැක පිට අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මිය ගිය බීළිදාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබේ.

මහේස්ත්‍රාත් නියෝගයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට නිශ්චිත හේතුව සොයා ගන්නා බව පොලීසිය කියයි.

Related posts

මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයින් 309 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

නළු නිළියන්ට සහ හිතවතුන්ට ක්‍රිකට් මුදල් වියදම් කළේ යැයි ඔප්පු කළොත් අස්වෙනවා – ශම්මි සිල්වා කියයි

Admin

යුද හමුදා සෙබළාගේ මුඛ ආවරණයේ මත්කුඩු

colombotoday

“අනුරාගිනී“ ට කාදිනල් එරෙහි වේ.. තහනම් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි !

colombotoday

යුද හමුදා ගිලන් රථයකින් මුවමස් ඇදලා

Admin

අඹුසැමි යුවළකගේ මළසිරුරු වෙළඳසැලකින් හමුවෙයි

Admin