Colombo Today Local News

CID නිළධාරිවරයා මාරු කළේ උපන්දින තෑග්ගක් ලෙසද ? ලසන්තගේ දුව මෛත්‍රීට ලියයි

සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම ඇතුළු අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාව මීගමුව පොලිස් කොට්ඨාසයට අනියුක්තව සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා මාරු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කිරිම සම්බන්ධයෙන් විරෝධය පලකරමින් ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දීර්ඝ ලිපියක් යොමු කර තිබේ.

තම පියා ඝාතනය කළ සමයේ රට පාලනය කළ මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය නිමිත්තෙන් ඔහුගේ උපන්දින සාදයට එක්වී සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා උක්ත නිලධාරීවරයා තම පියාගේ ඝාතකයන් සෙවීමේ විමර්ශනවලින් ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කිරීමෙන් මහින්ද රාජපක්ෂ මහතාට උපන්දින තෑග්ගක් ලබාදී ඇති බවත් එදින තිබුනේ මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය බැවින් එය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දිනය යැයි ජනාධිපතිවරයා පටලවාගෙන ඇති බවත් ඇය සිය ලිපියේ සඳහන් කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී කරළියට එනවිට තම පියාගේ ඝාතකයන් සෙවීමට පැමිණි වීරයෙකු සේ හැඟී ගිය බවත් එසේ වූවා නම් ඔහු ඉතිහාස ගතවන නමුත් අද ඔහු ඝාතකයන් ආරක්ෂා කරන්නෙකු ලෙස ඉතිහාගතවනු ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සම්පූර්ණ ලිපිය පහතින් පල වේ.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනපතිගෙන් අලුත් ගැසට් නිවේදනයක්

colombotoday

“ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ මධ්‍යස්ථානය වෙලා“ – අගමැති

colombotoday

ශ්‍රී ලංකා ජපාන අගමැතිවරුන් අතර ද්විපාර්ශික සාකච්ඡාව අද (04)

colombotoday

ශ්‍රී ලංකාවට 900 – 1000 Km අතර දුරකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක්

Admin

ජනපතිගේ සමීපතමයෙක් සිරස මුල් පුටුවට !

colombotoday

VAT වැඩි කළද සත්ත්ව නිෂ්පාදන මිල වැඩි කරන්නේ නැහැ

Admin