Colombo Today Local News

සිරිපාල රජ ගැහිල්ලක.. කැබිනට්ටුවටත් කොකා පෙන්වා බස් 500ක් ගේන්න යයි.. ටෙන්ඩර් කැළේ

siripala ctbbලංගමට බස් ගෙන්වීමට හදිසි අවශ්‍යතාවක් නොමැති තත්ත්වයක් තිබියදී රුපියල් කෝටි 418ක් වැයකර බස් රථ 500ක් ගෙන්වීමට කැබිනට් අනුමැතියක් ලැබී ඇතැයි වාර්තා වේ.

මේ බස් ගෙන්වීමේ ගණුදෙණුව සිදුවන්නේ නිමල් සිරිපාලද සිල්වා මහතාගේ සෘජු මැදිහත්වීම මත බවද පැවසේ.

ටෙන්ඩර් පටිපාටියකින් තොරව සිදුවන මේ ගණුදෙණුවට මේවන විටත් ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම සමඟ ගිවිසුම් අත්සන් කර ඇති බවද මේ අතර වාර්තා වේ.

මේ මිලදී ගැනීමට යොමු කළ කැබිනට් පත්‍රිකාවේ බස් රථවල වර්තමාන මිල හෝ මීට පෙර බස්රථ මිලදීගත් මිල ගණන් සඳහන් නොවන බවද පැවසේ.

කෙසේවුවද, ලේලන්ඩ් සමාගමින් බස්රථ 326ක් හා ටාටා සමාගමින් බස්රථ 174ක් මිලදී ගැනීමට පමණක් කැබිනට් අනුමැතිය හිමිව තිබියදී එය උල්ලංඝනය කරමින් ලේලන්ඩ් බස්රථ 500ක්ම ගෙන්වීමට අමාත්‍යවරයා උත්සාහගනිමින් සිටින බවද වාර්තා වේ.

මූලාශ්‍රය – ලංකා පුවත්පත

Related posts

සිතුල්පව්ව මඟුල් මහා සෑය නිධන් හොරු බිදිති

colombotoday

ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600ක්

colombotoday

රණවිරු දරුවන් 1800කට පාසල් දොර වැසේ

colombotoday

සංචාරක නිකේතනයක නිධන් හාරන්න ගිය 9ක් කොටු වෙයි

Admin

ස.ජ.බ මන්ත්‍රීවරු නාරාහේන්පිට ආර්ථිකයේ නිරීක්ෂණ චාරිකාවක

colombotoday

රිය අනතුරකින් මවක සහ දියණියක මරුට

colombotoday