Colombo Today Local News

ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන 6ක් අමාත්‍ය නාමල් රාජපක්ෂ යටතට

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ ඇති ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ඇති ආයතන පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ් අනුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන 6 ක් එම රාජ්‍ය අමාත්‍යංශය යටතට පවරා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ එම අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව කාර්මික තාක්ෂණ ආයතනය , ජාතික විද්‍යා තාක්ෂණ කොමිෂන් සභාව සහ සියලු තොරතුරු තාක්ෂණ උද්‍යාන ද එම රාජ්‍ය අමාත්‍යංශය යටතට අයත් වේ.

ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ද නාමල් රාජපක්ෂ මහතාගේ නව රාජ්‍ය අමාත්‍යංශය යටතට පවරා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා අනුබද්ධ ආයතන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම හා පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තවදුරටත් තාක්ෂණ විෂය පථයට ඇතුලත් වනු ඇති.

Related posts

සිරකරුවන් 6000ක් දවල් කෑම එපා කියයි.. කුස ගින්නේ සිට, දිවා ආහාරය අවතැන් වූ ජනයාට දන්දෙයි

colombotoday

ඇමරිකා යුධ අපරාධ විශේෂඥයෙක් විග්නේශ්වරන් හමුවේ.. සංහිදියාව ගැන සාකච්ඡා !

colombotoday

රාජගිරිය – බත්තරමුල්ල මාර්ගයේ වාහන තදබදයක්

colombotoday

පොලිස් අණ නොතැකූ ත්‍රි රෝද රථයට වෙඩි

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

කුරුවිට හා මල්ලාවි මනුෂ්‍ය ඝාතන දෙකක්

colombotoday