Colombo Today Local News

මැදවච්චිය වන විනාශය උග්‍ර වෙයි. අඩවි වන කාර්යාලයෙනුත් සහය

දිවයිනටම පනවා ඇති සංචරණ සීමා තම වාසියකට පෙරලා රාජ්‍ය නිළධාරීන් නොමඟ යවමින් මැදවච්චිය ප්‍රාදේශීය සභා පරාජිත දේශපාලන අපේක්ෂකයකු පසුගිය වෙසක් පොහොය දින තම පුද්ගලික ගල් වලක් සදහා යාමට රජයේ රක්ෂිතය තම ආධාර කරුවෙකු යොදා එළි කරමින් සිටියදී එම ආධාරකරු සහ කැළය කැපීමට යොදා ගත් බැකෝ යන්ත්‍රය අත් අඩංගුවට ගත් බව මැදවච්චිය අඩවි වන නිළධාරී කාර්යාලය පැවසුවා.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ මන්නාරම් පාර, මැදවච්චිය පදිංචි ඩී.මධුසංඛ නැමැති තරුණයකි. ඔහු මේ වන විට මුදා හැර ඇත.

ඩබ්.එම්.පී දමිත් බෙවන් නැමැති ප්‍රාදේශීය සභා පරාජිත දේශපාලන අපේක්ෂකයා මීට පෙර මැදවච්චිය වල්පොළ රජයේ කැළයට යාබඳව පුද්ගලික ගල් වලකට අවසර පත්‍ර ලබා ගෙන ඇති බවත්, එය ලබා ගත් ආකාරය ගම්වාසීන් විමසු විට රජයේ විවිධ නිළධාරීන්ගේ නම් ප්‍රකාශ කර ඇති බවත්, මේ පිළිබඳ වගකිව යුතු රජයේ ආයතන දැණුවත් කළත් ඔවුන් නිහඩව සිටි බවත් මැදවච්චිය වන අඩවි නිලධාරි කාර්යාලයේ අවනීතිය හමුවේ මෙම රක්ෂිතය විනාශ වෙමින් පවතින බව මැදවච්චිය දාඹූවැව සහ කුඩාගම ගම්වාසිහු කියයි.

ඒ පිළිබඳ ගම්වාසීන් පසුගිය (29) දින විරෝධයක්ද පලකර ඇත. ඒ අනුව එම ස්ථානයට පැමිණි සෙට්ටිකුලම පොළිස් විශේෂ කාර්යය බලකා වැටලීම් නිළධාරීන්, මැදවච්චිය අඩවි වන කාර්යාල නිලධාරීන් සහ මැදවච්චිය පොළිස් නිළධාරීන් එක්ව මෙම වැටලීම සිදු කර ඇත.

එම අවස්ථාව වන විටද මෙම පුද්ගලයාගේ ආධාර කරුවෙකු බැකෝ යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් වසර 40 කට 50 කට ආසන්න දැවැන්ත රූස්ස , පලු , වීර සහ රක්ෂිත වල වගා කර ඇති තේක්ක ගස් සහිත රජයේ රක්ෂිත කැළය, අඩි 20 කට ආසන්න ප්‍රමාණයක් මාර්ගයක් ලෙස භාවිතා කිරීමට එළිකරමින් සිට ඇත. එම පැරණි වටිනාකමකින් යුත් දුර්ලභ ගස්ද මේ වන විට ඉවත් කිරීමට මෙම ජාවාරම් කරු සමත්ව ඇත.

ගම්වාසීහු වැඩිදුරටත් පවසා සිටින්නේ මෙම ගල් වලද මොහු දේශපාලන බලපෑම් රජයේ නිළධාරීන් හට එල්ල කරමින් අක්‍රමික ලෙස ලබා ගෙන ඇති බවයි. මේ වන විට එයට විරෝධය පළ කරමින් ගම්වාසින් අත්සන් ලේකන තුලත් ලිපි සියලු බලධාරින්ට නිකුත් කර ඇති බවත් එයට සාධාරණයක් සිදු නොවීම හේතුවෙන් සෙට්ටිකුලම පොලිස් විශේෂ කාර්යය බලකායට මේ පිලිබඳ දැණුවත් කිරීමෙන් අනතුරුව මෙම වන විනාශය යම්තාක් දුරට නවතා දැමීමට පොලිස් විශේෂ කාර්යය බලකාය කටයුතු කළ බවයි.

එසේ අත් අඩංගුවට ගත් බැකෝ යන්ත්‍රය නැවත නිදහස් කිරීමට විරෝධතාවයක් මැදවච්චිය අඩවි වන නිලධාරින් අධිකරණයෙදී දක්වා නොමැතිවීම හේතුවෙන් නැවත බැකෝ යන්ත්‍රය ගල් වල හිමිකරුට නිදහස් කර ඇති බවත් මේ වන විට එය නැවත රක්ෂිතයට ගෙන ගොස් ඇති බවත් විරෝධකරුවන් සඳහන් කරන ලදි.

මැදවච්චිය අඩවි වන නිලධාරින්ගේ අක්‍රමික නීති හැසරවීම පිළිබද සහ දෙවරක පරික්ෂණ වාර්තා අසමත් වූ ගල් වල නැවත මෙම අපේක්ෂකයාට ලැබුණේ කෙසේද යන්න පිළිබද පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසද, එසේ නොකරන්නේ නම් ඉදිරියේදීද ගම්වාසීන් විරෝධතාවයක් පවත්වන බවද වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් අඩවි වන නිලධාරි කාර්යාලය මේ සඳහා ලිපි නිකුත් කිරීමේදී අක්‍රමිකතාවයක් සිදුව ඇති අතර ඒ පිළිබඳ අප මැදවච්චිය අඩවි වන කාර්යාලයෙන් විමසීමක් කළා.

එහිදී එම ප්‍රදේශය භාර බීට්ටු වන නිලධාරි විජය කොඩිකාර මහතා පවසා සිටියේ මෙම පාර කැපීමට අවසර නෙදුන් බවත් කරත්ත පාරක් මීට පෙර තිබූ නිසා එය එළි කිරීමට අවස්තාව දුන් බවත්ය.

මේ පිළිබඳ අප මැදචවච්චිය ප්‍රාදේශීය ලේකම් එම්. සී. මලව ආරච්චි මහත්මියගේන් විමසීමක් කළා.
මේ සඳහා කිසිම අවසරයක් ලබා දීමක් සිදු කර නොමැති බවත් වන අඩවි නිලධාරි එවූ ලිපියට පිළිතුරු ලබා දීමක් සිදු කළ බවත් එම මහත්මිය පැවසුවා.

මැදවච්චිය – සජිත් ගයාන්

Related posts

අල් ජසීරාවේ තිබූ ප්‍රකාශය රහසේම ඉවත් කර ගනියි. අලි සබ්‍රි බබා වෙන්න දඟලයි. සාක්ෂි සාධක සහිතව ඇත්ත මෙන්න.

colombotoday

කොමිසම් 02කට නව සභාපතිවරු පත් කරයි

Admin

පොලිසියේ ලොක්කෝ 8ක් පොලිස්පති නිර්දේශයෙන් වහාම මාරු කෙරේ

colombotoday

කුවේට්හීදි කතක් මිය යයි – ඇය හඳුනනවානම් ඉක්මණින් දැනුම් දෙන්න

Admin

අබුඩාබිහි බිග් ටිකට් ලොතරැයියේ රු. කෝටි 176 ක මහා දිනුම ශ්‍රී ලංකිකයෙකුට

Admin

‘රාජපක්ෂලා හොරු: කීවාට ඔප්පුකරගන්න බැරිවුණා.. චෝදනා බොරු බවයි පේන්නේ‘ – ඇමති මහින්ද

colombotoday