Colombo Today Local News

ශ්‍රීලනිප බලපෑමට යටවෙන්නේ නැහැ – එජාපය දැඩි ස්ථාවරයක

අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (02) රාත්‍රී ගනු ලැබුවා යයි කියන තීරණයට කිසිඳු ලෙසකින් එකඟ නොවන බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි.

තම පක්ෂය කිඳු බලපෑමකට යටත් නොවී ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාස භංගය හෙට දිනයේ පරාජය කර අගමැතිවරයා හා ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බවත් ආණ්ඩුවේ සිටීමට බැරි අයට ඉවත්වීමට ඉඩදී 2020 දක්වා යහපාලන ආණ්ඩුව පවත්වා ගෙන යාමට කටයුතු කරන බවත් එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.

ශ්‍රීලනිප කණ්ඩායම අද එම යෝජනාව ගෙන ආ විට ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර දක්වන බවද ඔහු අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සැලකිය යුතු පිරිසකගේ සහය හෙට දිනයේදී අගමැතිවරයාට ලැබෙනු ඇතැයි ද හෙතෙම ඉඟි පල කළේය.

Related posts

දෝෂාභියෝගයක් ගෙන එන්න අවස්ථාවක්

Admin

බහින්බස්වීමක් දුර දිග ගිහින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

නවක වදයට විසදුම් සොයමින් පේරාදෙණිය සරසවියෙන් නායකත්ව පුහුණු පාඨමාලා ඇරඹෙයි…

colombotoday

ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටිද්දී මර්දනකාරී ක්‍රියා අනාගතයට බලපායි

colombotoday

ලෝක පාරිභෝගික දිනය දා පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයන් වෙළෙන්දන්ට විකුණයි !

colombotoday

නිරුවතින් ගෙට පනින හොරෙක්

Admin