Colombo Today Local News

පාස්පෝට් ඡායාරූප ශාලාවේ මෘදුකාංගය 95% ක් අක්‍රීය වෙලා

ආගමන විගමන දෙපාර්තුමේන්තුව මගින් ලබාදී තිබෙන මෘදුකාංගය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා විදේශ ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට අවශ්‍ය ඡායාරූප ඔන්ලයින් ඔස්සේ එම දෙපාර්තුමේන්තුව වෙත යොමු කිරීමට ලියාපදිංචි වී සිටින ආයතන දැඩි දුෂ්කරතාවට පත්ව තිබේ.

එම මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය 95% ක් පමණ බිඳ වැටීම නිසා විදේශ ගමන් බලපත්‍ර සඳහා ඡායාරූප ලබා ගැනීමට ඡායාරූප ශාලාවලට පැමිණෙන ජනතාවද දැඩි අසීරුතාවට පත්ව ඇත. මේ පිළිබඳව දැනුම් දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඇමතුමක් ලබා ගැනීමට කොතෙක් උත්සාහ කළත් එය ද සාර්ථක නොවන බව ඡායාරූප ශාලා හිමියෝ පවසති.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලය තුළ පවත්වාගෙන යන ඡායාරූප ශාලාව මගින් ද අදාළ ඡායාරූප දෙපාර්තමේන්තුව වෙත ඔන්ලයින් ඔස්සේ යොමු කළ නොහැකි බව සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති.

මෙම ගැටලුව සම්බන්ධව මහනුවර ටෙලිෆික්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් පීරිස් මහතා විසින් ආගමන විගමන පාලක වෙත ලිඛිතව දැනුම් දී ඇත.

දිවයින පුරා විසිරී සිටින ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලු ආයතන මෙම ගැටලුවට මුහුණ දී සිටින බවත් මේ නිසා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අධික දුරක් ගෙවා පැමිණෙන ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බවත් පැවසූ නිමල් පීරිස් මහතා මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් එය දෙපාර්තමේන්තුව පමණක් නොව රජයද අපකීර්තියට පත්වීමට හේතුවක් විය හැකි බව ද පවසයි.

Related posts

ඕමන්තේ වෙඩි තැබීමකින් අයෙක් මරුට.

colombotoday

මැතිවරණ කොමිසමට අලුත් මුහුණක්

Admin

‘දානෙ වලදනවාට වඩා යැපුනේ බඩගෝස්තරයෙන්’ ඇමති ෆොන්සේකාගෙන් නැවතත් භික්ෂූන් වහන්සේලාට අවළාද [Video]

colombotoday

අලුත්ගම කන්දේ විහාරයේ පිංකැට 37 ට රජයෙන් සීල් තියලා !

colombotoday

ආණ්ඩුව ගැන ඒකාබද්ධ විපක්ෂයට සැකයක් !

colombotoday

තේ දළු මිළ තවත් පහළට, තේ කර්මාන්තය අමාරුවේ

colombotoday