Colombo Today Local News

කොටි නිලඇදුම්, කොඩියක්, බෝම්බ තොගයක් රැගෙන යමින් සිටි පිරිසක් මුලතිව්හිදී අත්අඩංගුවට

මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක්, කොටි සංවිධානයට අයත් කොඩියක් සහ බෝම්බ ඇතුලු යුද උපකරණ තොගයක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බවට ඔඩ්ඩුසුඩාන් පොලීසිය කියා සිටියේය.

ඔඩ්ඩුසුඩාන් පේරාරු මන්සන්ධිය ප්‍රදේශයේදී මාන්කුලම් පොලීසියට අයත් රථවාහන පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ රාත්‍රියේ මුර සේවයේ යෙදී සිට ඇති අතර එම අවස්ථාවේදී පැමිණි ත්‍රී රෝද රථයක් පරික්ෂා කිරීමට යාමේදී ත්‍රී රෝද රථය නොනවත්වා ධාවනය කොට ඇති අතර පසුව රථවාහන පොලිස් නිලධාරීන් විසින් අදාල ත්‍රී රෝද රථය ලුහුබඳින අවස්ථාවේදී එහි සිටි එක් අයෙකු පලා ගොස් ඇති අතර ත්‍රී රෝද රථයේ රියදුරු හා තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට රථවාහන පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

පසුව අදාල ත්‍රී රෝද රථය පරික්ෂා කිරීමේදී කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද නිල යුද ඇඳුමක්, කොටි සංවිධානයේ කොඩියක්, ක්ලේමෝ බොම්බයක් , අත්බොම්බ තොගයක් ඇතුලු  යුද උපකරණ තොගයක් තිබී අත්අඩංගුවට ගැනීමට පොලීස් නිලධාරීන් පියවර ගෙන ඇත.

කෙසේ නමුත් යුද සමයේදී කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද මෙම යුද උපකරණ නැවත මෙලෙස රැගෙන යාම පිළිබඳව ආරක්ෂක අංශ වල දැඩි අවධානයකට යොමුව ඇති අතරම ත්‍රී රෝද රථයේ සිට පලා ගිය සැකකරුද අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ සිටින සියලුම පොලිස් නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් එක්ව අද (22) අළුයම සිට පුලුල් සෝදිසි මෙහෙයුමක් මේ වන විට ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

දැව ප්‍රවාහනයට අදාල නීති ලිහිල් කළ යුතුයි – ඇමති ප්‍රසන්න රණවීර

colombotoday

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බන්ධනාගාරයේ සිට ලියූ විශේෂ ලිපිය

Admin

හදිසියේම මහින්දට රෝසිගෙන් ලිපියක්…

colombotoday

ගිනිඅවි දුන්නොත් සල්ලි තමයි… රජයෙන් හිමිවන මුදල මෙන්න

colombotoday

දිවයින පුරා සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට අද විරෝධතා

Admin

ආහාර ප්‍රතිපත්ති කමිටුවට කැබිනට් අනුමැතිය

colombotoday