Colombo Today Local News

5 දෙනෙකුට මරු කැඳවු බිහිසුණු අනතුර

කොළඹ – කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ අලව්ව 10 කණුව ප‍්‍රදේශයේදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ටිපර් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. කොළඹ සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් සහ කුරුණෑගල සිට කොළඹ දෙසට ධාවනය වූ ටිපර් රථයක් එකිනෙක ගැටී මෙලෙස අනතුරට පත්ව ඇත.

අනතුරෙන් මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයින් 05 දෙනෙකය. වරකාපොළ ප‍්‍රදේශයේ පැවැති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වි යළි පැමිණෙමින් සිටි පිරිසක් අනතුරට පත් මෝටර් රථයේ ගමන් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

අද (22) අළුයම 04.05ට පමණ අනතුර සිදුව තිබේ.

ඔවුන් ඉදිකිරීම් සමාගමකට අනියුක්ත සේවකයින් පිරිසකි.

Related posts

වැලිකඩ ගිහින් ආ විජිත රෝහණගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක් !! (Video)

colombotoday

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Admin

තහනම නොතකා ෂැෂේ පැකට් නිෂ්පාදනය කළ සමාගමක් වටලයි

colombotoday

රටකජු හා බඩඉරිඟු ආනයනය තහනම් !

colombotoday

මෙරට ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක්.

colombotoday

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගැන පරීක්ෂණයක් – ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ලෙස තවදුරටත් රාජකාරියේ

colombotoday