Colombo Today Local News

ජනපති කාර්යමණ්ඩල ප්‍රධානියා අල්ලස් ගත් කන්තලේ සීනි කම්හල් ගනුදෙනුවේ සම්පූර්ණ කතාව මෙන්න

කන්තලේ සීනී කර්මාන්තය නැවත ඇරඹීම සදහා “කන්තලේ ප්‍ර‍තිසංස්කරණ ව්‍යාපෘතිය” යෝජනා කෙරුණි. එහි ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 100 කි. කන්තලේ සීනි සමාගම යනු ඉඩම් හා අතහැර දමන ලද ගොඩනැගිලි හා යන්ත්‍ර‍ කිහිපයක් පමණී. ලංකා රජයෙන් මේ ව්‍යාපෘතියට ස්ථාපනය වන සමාගමේ කොටස් 51% ක් ලැබේ. ඒ වෙනුවෙන්, ලංකා රජය දෙන්නේ මොනවාද? සත්‍ය වශයෙන්ම කිසිවක් නැත!

කථාව කෙටියෙන් කියමි.

එම්ජී ෂුගර්ස් සමාගමෙන් දැවැන්ත මුදලක් (අල්ලසක්) උදුරා ගන්නට ආචාර්ය අයි.කේ. මහානාම උත්සාහ කළේය. මේ ගැන එදා දුෂණ විරෝධී පෙරමුණ කථා කළේය. සමාගම ඉල්ලා සිටියේ ගොඩනැගිලිවල ඉතිරි කොටස් නව හා යන්ත්‍ර‍ නව සමාගමට දෙන ලෙසය. කිසිදු හේතුවක් නොදක්වා එදා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් මහානාම එයට විරෝධය පළ කළේය. ඩොලර් මිලියන 100 ක ආයෝජනය නැවතුණි. කන්තලේ දියුණු කළ හැකි ආයෝජනය නැවතුණි.

මේ සිද්ධිය ගැන මුලින්ම කථා කළේ මාගේ මිතුරු හිටපු ආයෝජන මණ්ඩලයේ සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ය. උපුල් ට, මහානාම මුදල් ඉල්ලන බව කෙළින්ම ජනමාධ්‍යයට කියන්නට තරම් ශක්තියක් තිබුණි. මේ ගැන විමසූ කළ, උපුල් කීවේ ‘ලංකාවට ලැබිය හැකි අගනා ආයෝජනයක් හොරු කිහිප දෙනෙකු නිසා අහිමි වන බවයි.‘ අවසානාවකට මේ චෝදනාවට මඩ වැදුණේ හිටපු අමාත්‍ය එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන හිටපු ඉඩම් ඇමතිතුමාටය.

දැන් වසර දෙකක් පුරා ‘එම්.ජී. සුගර් හා රජය ‘ජාත්‍යන්තර බේරුම්කරණයට‘ ගොස් ඇත. රටට දැවැන්ත ආයෝජනයක් අහිමි විය. අල්ලසක් නිසා ආයෝජනයට බාධා කළ පුද්ගලයා හිටපු ඉඩම් ලේකම් ය.

අත්අඩංගුවට පත් වන දෙවන පුද්ගලයා, දිසානායක ගේ පුත්‍ර‍යා මෙම ගනුදෙනුවේ මැදිහත්කරුය. ඔහු විවාහ වී සිටින්නේ කුරුණෑගල එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන (ජේ සී අලවතුවලාගේ දියණිය සමගිනි)

රටට ඩොලර් මිලියන 100 ක ආයෝනයක් ගෙන ආ සමාගමට යන එන මං නැත. මුදල් ද, ව්‍යාපාරය ද නැත. කප්පම් කරුවෝ අල්ලස් ඉල්ලති. එය නොලැබෙන විට අහක යන ලෙඩ දමති.

මෙයට මාස දෙකකට පමණ පෙර, ජනාධිපති ලේකම් කාර්යාලයට ‘ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍ර‍ධානී‘ තනතුරට පුද්ගලයෙකු අවශ්‍ය වන්නේය. මාසයකට පෙර, එයට ආචාර්ය මහානාම යෝජනා වි එම තනතුර ලබන්නේය.

ඔහු තමන් නැවතු තැනින්, පටන්ගන්නේය. තමන් ජනාධිපති කාර්යාලයේ බැවින් ව්‍යාපාරය ඇරඹිමට අවශ්‍ය පහසුකම් සැලසිය හැකි බව කියා ඔහු ඉල්ලන්නේ කෝටි 60 කි (එය ඉඩම් ලේකම් සමයේ දී ඉල්ලු මුදලයි) පසුව එය කෝටි 10 ට පහත වැටෙන්නේය. අද, අල්ලස් කොමිසම මුදල් දෙන විට අල්ලා ගන්නේ එයින් කෝටි 2 ක් ලබා ගන්නට පැමිණි අවස්ථාවේ දී ය!

අල්ලස් සිද්ධිය, මුලින්ම ප්‍ර‍සිද්ධ කළේ මාගේ සමාජ ජාලා පිටුව යි. ඒ වෙන විට අල්ලස් මෙහෙයුම සිදු වී විනාඩි 45 ගත වී තිබුණි. මෙවැනි සිදුවීමක්, වසන් කරන්න මැදිහත් නොවන ආයතනික ව්‍යුහයක් රට තුල ගොඩ නැගී ඇත.

ජනාධිපතිවරයාගේ ‘කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී දැව සංස්ථා සභාපති හා ඔහුගේ පුත්‍ර‍යා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී (ජේ සී අලවතුවලාගේ බෑනා) සම්බන්ධ අල්ලස් සිද්ධියකට පුද්ගලයින් අත්අඩංගුවට පත් වී ඇත.

මේ සම්බන්දයෙන් පරීක්‍ෂණ සිදු කරමින් යද්දී අල්ලස් කොමිසමේ ප‍්‍රධානියා විනින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ ඇතැමුන්ද අල්ලස් ගැනීමකට සම්බන්ධ බවට තොරතුරු ඇති බවයි.

ඊට ප‍්‍රතිචාර ලෙස ජනාධිපතිවරයා අල්ලස් කොමිසමේ ප‍්‍රධානියාට දන්වා ඇත්තේ එවන් චෝදනා ඇති ඔ්නෑම පුද්ගලයෙක් සම්බන්ධයෙන් නීතිය උපරිමව ක‍්‍රියාත්මක කරන ලෙසත් ඒ සදහා තමන්ගේ කිසිදු විරෝධයක් නැති බවත්ය.

කාර්ය මණ්ඩල ප‍්‍රධානියා අත්අඩංගුවට ගත් පසුද අල්ලස් කොමිසම විසින් ඒ බව ජනාධිපතිවරයාට දන්වා ඇති අතර ජනාදිපතිවරයා නැවත සදහන් කර ඇත්තේ මෙම පුද්ගලයා තමන් ලග සේවයට විත් මාස දෙකක්වත් නැති බවත් ඒ කිසිත් නොතකා නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසත්ය.

මේ කථාවේ අවසන් නැත….

(කීර්ති තෙන්නකෝන්ගේ මුහුණු පොත ඇසුරෙන්)

Related posts

අත්තනගල්ල ප්‍රා. සභාවෙන් මිනී පෙට්ටි. ආදාහනයත් නොමිලේ

colombotoday

2022 රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 2,505ක්

colombotoday

පාස්කු ත්‍රස්තයන් සමග හකීම්ගේ සබඳතා තහවුරුයි..පොලිසිය අධිකරණයට දන්වයි

colombotoday

ගෝඨාභය රාජපක්‍ෂ නැතුව බෑ – විමල් විරවංශගෙන් ප්‍රකාශයක්

colombotoday

2018 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

colombotoday

සමන් රත්නප්‍රියගේ වෘත්තීය සමිති පට්ටම ගැලවෙයි !

colombotoday