Colombo Today Local News

මිල සූත්‍රයක් හදුන්වා දෙන මුවාවෙන් රජය ඉන්ධන මිල වැඩි කිරීමට සැරසෙයි

ඉන්දියානු ඔයිල් සමාගමට ඉන්ධන මිල වැඩි කිරීමට ඉඩදුන් රජය මිල සූත්‍රයක් හදුන්වාදෙන මුවාවෙන් තව දින කිහිපයකින් ඉන්ධන මිළ ඉහළ දැමීමට සූදානම් වන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික වයාපාරය පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය මේ අදහස් පලකර තිබේ.

මිල සූත්‍රයක් හදුන්වා දෙන මුවාවෙන් රජය ඉන්ධන මිල වැඩි කිරීමට සැරසෙයි.

ඉන්දියානු ඔයිල් සමාගමට ඉන්ධන මිල වැඩි කිරීමට ඉඩ දුන් රජය තව දවස් කිහිපයකින් ලංකා ඛනිජ සම්පත් මණ්ඩලයටද  ඉන්ධන මිල වැඩි කිරීමට අනුමැතිය දීමට සූදානම් වන්නේ මිල සූත්‍රයට මුවාවීමෙන්ය.

ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සීග්‍රයෙන් අඩු වූ අවස්ථාවේ එම මිල අඩු වීමේ  වාසිය පාරිභෝගිකයාට ලබා දෙන ලෙසට අප සංවිධානය විසින් ඉල්ලීම් කලද  ලංකා ඛනිජ සම්පත් මණ්ඩලය එම අවස්ථාවේ ප්‍රකාශ කලේ මිල සූත්‍රයක් හදුන්වාදුන් පසු ඉන්ධන මිල අඩුකරන බවයි.

එහෙත් ඊට පසුව ලංකා ඛනිජ සම්පත් මණ්ඩලය පැවසූවේ ඉන්ධන සදහා මිල සූත්‍රයක් සැකසීම ප්‍රයෝගික නොවන බවයි.

ලංකා ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්ටවරයා දැන් පවසන්නේ පෙට්‍රල් සහ ඩීසල් අලවිකිරීමෙන් ලංකා ඛනිජ සම්පත් මණ්ඩලයට පාඩුවක් සිදුවන බැවින් ඒ සදහා මිලසූත්‍රයක් සකසන බවය.

ඉන්ධන මිල වැඩි කිරීමෙන් සමස්ත භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහල යන බැවින් මිලසූත්‍රය නම් මිරිගුවට මුවාවී ඉන්ධන මිල වැඩි නොකරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

  රංජිත් විතානගේ – සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය මහාචාර්ය ජී.එච්. පීරිස්ට

colombotoday

බුද්ධි නිලධාරීන් අනතුරට ලක් කළ රථයේ රියදුරු තව දුරටත් රිමාන්ඩ්

colombotoday

බල පොරය අස්සේ ආර්ථිකය හොම්බෙන් යයි.. රුපියල වැටීමෙන් ගෙවිය යුතු විදේශ ණය ඩබල් වෙයි !

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 43 දක්වා ඉහළට

colombotoday

බස්නාහිර පළාතේ මාළු වෙළෙඳාම් ස්ථානවලත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව

colombotoday

රටම කඳුළින් තෙත් කළ සුනාමි ඛේදවාචකයට 18 වසරක් ගෙවී අවසන්

Admin