Colombo Today Local News

ආණ්ඩුව නොහැකියාව වසා ගැනීමට සිංහල-මුස්ලිම් අසමගියෙන් ප්‍රයෝජන ගන්නවා

ජාතික වශයෙන් විසඳිය යුතු අර්බුද රැසක් තිබිය දී මෙරට ප්‍රධාන දේශපාලන පාර්ශව දෙකටම තම පැවැත්ම සඳහා ජාතිවාදය අවශ්‍ය කරන බව මේ දිනවල ඉතා පැහැදිළිව පෙනී යන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවක දී කීය.

ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් පිරිමැසීමටත් ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ලබා දීමටත් අසමත් වත්මන් රජය ආර්ථික වශයෙන් විශාල වශයෙන් අසමත්කම් පෙන්වා ඇති අතර මේ දිනවල පවත්නා සිංහල – මුස්ලිම් අසමගිය තම අසාර්ථකත්වය වසා ගැනීම සඳහා ප්‍රයෝජනයට ගන්නා බවද පැවසීය.

මේ අතර බණ්ඩාරවෙල බස් රථයක අත්බෝම්බයක් පිපිරුණු වේගයෙන්ම එය කොටි සංවිධානයේ නැගිටීමක් ලෙස පරාජිත දේශපාලඥයන් විසින් රට පුරා පතුරුවා හැරියේ ද තම පැවැත්මට ජාතිවාදය අවශ්‍ය නිසා යයි ද දිසානායක මහතා කීය..

රට තුළ මෙතරම් ප්‍රශ්න තිබිය දී දැන් ආණ්ඩුවට ඇත්තේ අගමැතිවරයාට තවදුරටත් ධුරය දැරිය හැකිද නැතිද යන්න පිළිබඳ ගැටලුව බවත් ජනාධිපතිවරයාට ඇත්තේ යටිපූට්ටු දේශපාලනික ක්‍රියා තවදුරටත් පවත්වාගෙන යන්නේ කෙසේද යන ගැටළුව බවත් ඔහු පැවසීය.

Related posts

සංවර්ධන කමිටුවලට සල්ලි දෙනවනම් ගුරුවරුන්ට බිලියන 30 ක් දෙන්න බැරි ඇයි ? ජෝශප් ස්ටාර්ලින් ප්‍රශ්න කරයි.

colombotoday

ට්‍රැමඩොල් පෙති හයදහසක් සමග ජාඇලදී අයෙක් අත්අඩංගුවට…

colombotoday

ඉන්දියාවෙන් ලැබුණු කොටස ගැන ලංකාව නොසතුටෙන් !

colombotoday

නාවික හමුදා මැරීන් බළකාය මන්නාරමෙන් ඉවත් කරන්නැයි NGO ලොක්කෙකුගෙන් දැඩි බලපෑම්

colombotoday

ඉදිකිරීම් ව්‍යාපෘති වලින් වසරක සිට රු. බිලියන 150ක් රජයට මෙතෙක් ලැබී නැහැ

colombotoday

බේරුවල ඉස්ලාම් දේවස්ථානයක 3000ක් රැස්කර දානයක්. | පොලීසිය හා සෞඛ්‍ය අංශ නවතා දමයි.

colombotoday