Colombo Today Local NewsHot News

රාසික්ට ඇප.. සිහල, දෙමළ මුස්ලිම් කවුරුත් ඉන්න රටේ හැසිරෙන්න ඕන විදිහත් මහේස්ත්‍රාත්වරයා කියා දෙයි.

15423566_1505848472776541_964241430_n

ජාතින් අතර සිත් රිදවීමක් ඇතිවන අයුරින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ චෝදනා මත පසුගිය නොවැම්බර් 16 වන දින රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තවුහිඩ් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නමැත්ත දැඩි කොන්දේසි මත රු.10 000ක මුදල් සහ රු.10 00000 බැගින්වූ ශරීර ඇප දෙකක් යටතේ ඇප ලබාදීමට කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද(9) නියෝග කළා.

නඩුව කැදවූ අවස්ථාවේ අගතියට පත් බෞද්ධ ජනතාව වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥ දර්ශන රන්මුතුගේ මහතා විත්තිකරු වන අබ්දුල් රාසික් නැමැත්තා එකම වරද දෙවතාවක් සිදුකර ඇති බැවින් සහ බෞද්ධයා ප්‍රකෝප කිරීමේ ප්‍රකාශ ඉදිරියේදීත් සිදුකිරීමට ඉඩ ඇති බැවින් ඇප ලබා නොදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර සිටියා.

විත්තිකරු වන අබ්දුල් රාසික් වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කරුණු දක්වමින් සදහන් කර සිටියේ, සැකකරුගේ ප්‍රකාශ හේතුවෙන් රටේ කිසිදු ස්ථානයක ආගමික කෝලාහලයක් හෝ බෞද්ධයන් විසින් කිසිදු මුස්ලිම් පල්ලියකට, මුස්ලිම් පුද්ගලයකුට පහරදීමක් සිදු නොවුණු බවත් සැකකරුට ඇපලබාදීමෙන් එවැනි තත්වයක් හට නොගන්නා බවත්, එබැවින් ඕනෑම කොන්දේසියකට යටත්ව ඇප ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා. තවද සැකකරු විසින් සිදුකල ප්‍රකාශය, සමස්ත සංඝරත්නයට එරෙහි ප්‍රකාශයක් නොවන බවත් එක් භික්ෂුන් වහන්සේ නමකට විරුද්ධව සිදුකල ප්‍රකාශයක් පමණක් බවත් එම හේතුවෙන් ඇප ලබාදිය හැකි බවට කරුණු දක්වමින් ඉන්ද්‍රතිස්ස මහතා සදහන් කර සිටියා. තමාත් බෞද්ධයකු බවත් බෞද්ධ සංවිධාන කිහිපයක තනතුරු දරන බවත් සැකකරුගේ ප්‍රකාශ හේතුවෙන් කිසිදු සිත් රිදවීමක් තමාට ඇති නොවුණු බවත් ඉන්ද්‍රතිස්ස මහතා වැඩිදුරටත් සදහන් කර සිටියා.

15416901_1505782816116440_2117910695_n

අවුරුදු 30ක යුද්ධයකින් පිඩා විදි මේ රට නැවත යුද්ධයකට තල්ලු නොකරන ලෙසත් සැකකරු කැලණිය විශ්වවිද්‍යාලයෙන් “මහපොළ” ශිෂ්‍යාධාර ලබමින් ඉගන ගත්තේ මුස්ලිම් ජනතාවගේ මුදල්වලින් පමණක් නොවන බවත් සමස්තයක් වූ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් යන සියලු ජනතාව බදු මුදල් මගින් බවත් එම ජනතාවට අගතියක් නොවන ලෙස ජිවත්වන ලෙසත් සැකකරුට අවවාද කරමින් මහේස්ත්‍රාත්වරයා සදහන්කර සිටියා.

කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා “මෙවැනි ජාතීන් අතර අසමගිය ඇතිවියහැකි ප්‍රකාශ යලිත් සිදු කළහොත් නඩු විභාගය අවසන්වන තුරු ඇප අවලංගු කිරීමේ” කොන්දේසිය මත රුපියල් 10 000ක මුදල් ඇප සහ රුපියල් 10 00000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාර අබ්දුල් රාසික් මුදා හැරීමට නියම කර සිටියා.

සැකකාර අබ්දුල් රාසික් වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සහ නිතිඥ්ඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නිතිඥ්ඥ මණ්ඩලයක් පෙනී සිටියා.

Related posts

බර අඩු පාන් සදහා අද සිට මෙහෙයුම්

Admin

අලුත් ව්‍යවස්ථාවක් ඕනමයි කියන්න, TNA මහා නාහිමිවරු හමුවෙන්න යයි !

colombotoday

ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා සංචාරකයින්ට ලංකාවට ආරාධනා කරයි

Admin

සුබසාධක ගන්න බොරු තොරතුරු දුන්නොත් නඩු

Admin

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙලිවේ

Admin

ජනපතිගෙන් විදේශ ඇමතිට දොස්මුරයක්…

colombotoday