Colombo Today Local News

“මගේ දරුවන්ටත් වඩා මම මොරගහකන්ද ජලාශයට ආදරේයි” – ජනපති මෛත්‍රී කදුළු සලයි…

තමන්ගේ පියාගේ කදුළු මීට දින කීපයකට කලිනුත් දුටු බවත්, මොරගහ කන්ද ජලාශයේ මහා ජල ගංගාව මුදා හරිද්දී වසර ගණනාවක සිතුම් පැතුම් එදා මල් පල ගැන් වුණු අතර, මගේ දරුවන්ටත් වැඩිය මේ මොරගහ කන්ද ජලාශයට ආදරෙයි යැයි මොරගහ කන්ද ජලාශය උඩින් යද්දී සිය පියා පැවසූ බවත් ජනපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය පැවසූවාය.

පොළොන්නරුව සේවා ගම ප්‍රදේශයේ ඊයේ (31 දා) රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන රැලියක් අමතමින් ඇය මේ බව පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය,

“ජාත්‍යන්තරය දිනන්න ඔබේ ජන නායකයා විප්ලවීය වෙනස පටන් ගත්තා. ජාත්‍යන්තරයට මේ පොළොන්නරුව රැගෙන ගියා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය දිනා ගත්තා. ඔබ දකිනවා ඇති මාධ්‍ය තුළ මහා ජන ගංගාවක් සමග මහා ජන රැල්ලක් සමග ඔබේ ආදරණීය ජන නායකයා විප්ලවීය වෙනස කරගෙන යනවා එතුමාගේ ජීවිතය පවා අවදානමට ලක්කරලා හරි නීතියක් මේ රටේ ඇති කරන්න උත්සාහ ගන්නවා. අද දේශපාලකයෝ දිහා බලන්න සිදුවෙලා තියෙන්නේ කනගාටුවෙන් අප්පිරියාවෙන්. අතිගරු ජනාධිපතිතුමාට මේ රටට ගෙනෙන්න අවශ්‍ය වෙලා තියෙන්නේ මහත්ම දේශපාලනයක්. මහත්මා දේශපාලන චින්තනයක්. නායකයන් කියන්නේ මහා ජන සේවකයන්. ස්වෙච්චා සේවකයින්.රටට වැඩකරන්නේ ඔවුන් ඡන්දෙ ගන්න විතරක් නෙමෙයි. මේ හැම දෙයක් එක්කම තමයි රටක් ගොඩ නැගෙන්නේ. අපි නායකයෝ තෝරද්දී බුද්ධිමත් වෙන්න ඕනේ. ඔබේ හිතට එකඟව බුද්ධිමත් නායකයන් මේ රට ගොඩ නගන්න භාර දෙන්න ඕනේ. දැන් ඒකට අවස්ථාව ගමෙන් ඇවිත් තියෙනවා ඔබේ නායකයා ගමින් තෝරන්න. අපේ දරුවන්ගේ ආනාගතය ගොඩ නගන්න පුළුවන්. අපේ සමාජයට දැක්මක් දෙන්න පුළුවන්, නූපන් දරුවන්ට හෙටක් හදන්න පුළුවන් නායකයන් තමයි මේ රටට අවශ්‍ය වෙන්නේ. හැම මොහොතකම මගේ තාත්තා හිතන්නේ ඔබ ගැන, රට ගැන, පොළොන්නරුව ගැන. ඔබ සුසුම් හෙල්ලද්දී මගේ තාත්තාත් සුසුම් හෙළනවා. ඔබ බඩගින්නේ ඉද්දී මගේ තාත්තටත් ඒ බඩගින්න දැනෙනවා. ඔබ කදුළු හෙළද්දී මගේ තාත්තත් කදුළු හෙළනවා.මගේ තාත්තාගේ කදුළු දැක්කා මීට දින කීපයකට කලිනුත්.මොරගහ කන්ද ජලාශයේ මහා ජල ගංගාව මුදා හරිද්දී ඔහුගේ වසර ගණනාවක සිතුම් පැතුම් එදා මල් පල ගැන්වුණා. මොරගහ කන්ද ජලාශය උඩින් තාත්තා යද්දී කිවුවා මගේ දරුවන්ටත් වැඩිය මේ මොරගහ කන්ද ජලාශයට ආදරෙයි කියලා” යැයි පැවසූවාය.

ada.lk

Related posts

විකෘති ආගමික ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්

Admin

භාෂාව එන්.වී.කි්‍යු සහතික නැතත් කොරියාවේ රැකියා

colombotoday

දෙමළ ජනතාවට ස්වයංතීරණ අයිතිය ඕන… උතුරේ මහ ඇමති ජනපතිගේ මූණටම කියයි

colombotoday

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තනතුරට..!

colombotoday

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 7කට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday