Colombo Today Local News

හයවැනිදා විවාදය ඇස්බැන්දුමක්.. “පැය කිහිපයක් විවාද කර පලක් නෑ“ – ජනපති කියයි

බැඳුම්කර වාර්තාව පිළිබඳ විවාදය ඡන්දයට පෙර පැවැත්වීමට සිදුවන්නේ තමා ඒ පිළිබඳව කළ අභියෝගය නිසා වුවත් මෙවැනි මහා පරිමාණ වංචාවක් පිළිබඳව දින දෙකක් විවාද කිරීම සාර්ථක නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) පැවැසීය.
පුවත්පත් ආයතන කිහිපයක නියෝජිතයන් සමග ජනාධිපති නිල නිවසේදී ඊයේ (31) දහවල් පැවැති විශේෂ සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පැවැසීය.

බැඳුම්කර විවාදය පැවැත්වීමට තිබුණේ ඡන්දයට ඔන්න මෙන්න කියා නොව ඊට දින ගණනාවකට පෙර බවද ජනාධිපතිවරයා පැවැසීය.
බැඳුම්කර විවාදය සරලව කළ නොහැකියි. මැතිවරණයට ඔන්න මෙන්න කියා මේ පිළිබඳව සාර්ථක විවාදයක් පැවැත්වීමට හැකිවේ යැයි සිතන්න බැහැ. මේ පිළිබඳව විවාද කිරීමට මන්ත්‍රීවරුන්ට කොපමණ කාලයක් ලැබෙයිද දන්නැහැ. මේ නිසා මෙම විවාදයෙන් බැඳුම්කර හොරුන් පිළිබඳව ජනතාවට සියලු කාරණා දැනගැනීමට හැකි නොවනු ඇති බවද ජනාධිපතිවරයා කීය.

බැඳුම්කර වංචාවට චෝදනා ලත් අයට එරෙහිව සහ පසුගිය රජයේ දූෂිතයන්ට එරෙහිවත් දඬුවම් දීම සඳහා තමාට කළ හැකි කාර්යයන් උපරිමයෙන්ම කර ඇති නමුත් පසුගිය කාලය පුරාවට දූෂිතයන්ට දඬුවම් දීමේ යම් ප්‍රමාදයක් සිදුවී ඇත්නම් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය වගකිව යුතු බව ජනාධිපතිවරයා පැවැසීය.

ඊට හේතුව වන්නේ දූෂිතයන්ට දඬුවම් දෙන සියලු ආයතන එක්සත් ජාතික පක්ෂය සතුව පැවැතීම බවද ජනාධිපතිවරයා පැවැසීය.
මෙතරම් කාලයක් දූෂිතයන් ආරක්ෂා වී සිටින්නේ දූෂිතයන්ගේ ප්‍රභූ සන්ධානය නිසා බවද ජනාධිපතිවරයා පැවැසූ අතර එම ප්‍රභූ සන්ධානය කවුරුන්දැයි මාධ්‍ය මෙහිදී ජනාධිපතිවරයාගෙන් විමසීය. ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා පැවැසුවේ එම ප්‍රභූ සන්ධානය ගැන ජනතාවට නිසි අවබෝධයක් ඇති බවයි.

එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය හෝ ‍පොහොට්ටුව ජයග්‍රහණය කළහොත් රට නැවත දූෂිත තත්ත්වයකට ගමන් කරන බවත් ඒ නිසා ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය ලබා දී දූෂිතයන්ගෙන් තොර රටක් සෑදීමට තමාව ශක්තිමත් කළ යුතු බවත් පැවැසීය.

Related posts

රන්ජන්ව පාර්ලිමේන්තු ගෙන්වන්න’යි සමගි ජන බලවේගය ඉල්ලයි.

colombotoday

IMF ණය ආධාර අත්හිටුවයි…

colombotoday

සිංහලෙන් එව්ව සිතාසිය ශ්‍රීධරන් බාර ගන්න බෑ කියයි

Admin

ත්‍රිරෝද රථය පෙරළී මව සහ දියණිය මරුට… පිය පුතු දෙදෙනාට බරපතලයි

colombotoday

ඤාණසාර හිමියන්ගේ චීවරයට අත තැබීමට දායක වූ අයට අවීචි මහා නරකාදිය හැර ගැලවීමක් නෑ – ගැටඹේ නාහිමි

colombotoday

රට පනින්න ගිය බාල බෙහෙත් ගෙන්වීමට අදාළ තිදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරයි

Admin