රට දියුණුවීමටනම් යටිතල පහසුකම් දියුණු කළ යුතු බවත් ගෙවුණු වසර දෙකක කාලය තුළ ආණ්ඩුව එම කරයුතු කරමින් සිටින බවත් අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
අගමැතිවරයා මේ බව කියා සිටියේ අද රාජගිරිය ගුවන් පාලම විවෘත කිරිමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
යහපාලන රජය යටතේ කර්මාන්තකරනය රට තුළ ඇතිකර තිබෙන බවත්, ආර්ථික වශයෙන් රට දියුණුකරමින් සිටිින බවත් අගමැතිවරයා එහිදී කියා සිටියේය.