Colombo Today Local News

ආණ්ඩුව ඩොලර් බිලියන් 14 ණය අරන්.. බෝක්කුවක්වත් හදා නෑ.. රාජගිරිය පාලමටත්, මොරගහකන්දටත් පිවිසුම මගේ ආණ්ඩුවෙන්

රාජගිරියේ ගුවන් පාලම සඳහාද සැලසුම් හා මුදල් වෙන් කිරීමත් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කළේත් තමන්ගේ ආණ්ඩුව කාලයේ බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ බව සඳහන් කළේ වත්මන් ආණ්ඩුව සිය තුන්වැනි සංවත්සරය සමරන අද දිනයේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනයේ “මහා පරිමානයෙන් විදෙස් ණය ලබාගත්තද එයින් බෝක්කුවක්වත් ඉදිකර නැතැයි යන චෝදනාවෙන් බේරීමට, යහපාලන ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරයට සමගාමීව මොරගහකන්ද ජලාශයත්, රාජගිරියේ ගුවන් පාලමත් විවෘත කිරීමට යොදාගත්තද, 2005 මහින්ද චින්තනවැඩ පිළිවෙලට අනුව යමින් මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට පටන්ගත්තේ මගේ ආණ්ඩුව සමයේය. එහි සැලසුම්, මුදල් වෙන් කිරීම, යනාදිය නිමකොට ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ 2007 වසර සිටය. රාජගිරියේ ගුවන් පාලම සඳහාද සැලසුම් හා මුදල් වෙන් කිරීම සිදුකරනු ලැබුවේ මගේ ආණ්ඩුව කාලයේය. රාජගිරියේ ගුවන් පාලමත්, පොල්ගහවෙල හා ගනේමුල්ල ගුවන් පාලම් දෙකත්,ඉඳිකිරීමට ලන්සු කැඳවා කොන්ත්‍රාත්කරුවන් තේරීම ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 දෙසැම්බර් 4 වෙනිදා කැබිනට් රැස්වීමේදීය. මේ ආණ්ඩුව තම තුන්වෙනි සංවත්සරය සමරන්නේද අනුන්ගේ ව්‍යාපෘති වලට තමන්ගේ නම දාගැනීමෙන් බව මෙහිදී කිව යුතුය.” ලෙසින්ද වැඩිදුරටත් සඳහන්ව තිබිනි.

එම මාධ්‍ය නිවේදනය පහතින්.

Related posts

රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහීයි… ගුවන්විදුලි සභාපති, ජනමාධ්‍ය ලේකම් කථානායක හමුවට කැදවයි…

colombotoday

පාතාල නායක ‘කුඩු නුවන්‘ අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

colombotoday

‘තම්බපවනී’ සුළං විදුලි බලාගාරය අද ජාතික පද්ධතියට එක්වෙයි

colombotoday

සිගිරියට අයත් ඓතිහාසික භූමියක් නිදන් හොරුන්ගේ ග්‍රහණයට

colombotoday

චම්පිකගෙ මෙගා පොලිස් ඇමතිකමෙන් කොටසක් ගලවා ෆොන්සේකාට දෙයි!

colombotoday

2021 අයවැය විවාදය දින 19 ක්

colombotoday