Colombo Today Local News

යුද හමුදාපතිට උසාවියේ පෙනී සිටින්නැයි නොතීසි !

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට ලබන ජනවාරි 18 වැනිදා අධිකරනය හමුවේ පෙනී සිටින්නැයි යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා නියෝග ඊයේ (15) නියෝග කළේය.

1996 වසරේ ජූලි 19 වැනි දින යාපනය නාවක්කුලි ප්‍රදේශයේදී යුද හමුදාවෙන් අත්අඩංගුවට ගත් දෙමළ තරුණයින් 24 දෙනෙකු අතුරුදහන් වූ බව කියන සිද්ධියේ නඩු විභාගය ඊයේ (15) මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ විභාගයට ගැණිනි.

මෙම 24 දෙනා අතරින් 12 දෙනෙකුගේ අතුරුදහන් වීම් පිළිබඳ ගොනුකර තිබූ පෙත්සමේ නඩුව යාපනය මහාධිකරණයේදී පසුගිය 9 වැනිදා සිට විභාගයට ගැණුනේ නීතිපතිවරයා නම්කල විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිවය.

2002 වසරේදී යාපනය මහාධිකරණය හමුවේ ගොනුකල මෙම පෙත්සමේ මූලික විභාගය චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග කර අවසන් කිරීමෙන් පසු පසුගිය සතියේ සිට මහාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ විය.

මෙම නඩුව සඳහා නීතිපතිවරයා විත්තිකරුවන් තිදෙනෙකු නම් කර ඇති අතර එම නඩුවේ වැඩිදුර විභාගය සඳහා හමුදාපතිවරයා හට නොතීසි නිකුත් කර ඇත.

මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන ජනවාරි 18 වැනිදාට කල්දැමූ විනිසුරුවරයා මෙදිනට හමුදාපතිවරයා අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු යැයි නියෝග කලහ.

Related posts

TNA, ජවිපෙ සමග එජාප ජාතික ආණ්ඩුවක්…

colombotoday

හෙට සිට විශේෂ කාර්යාල දුම්රිය ධාවනයට පියවර – කාල සටහන මෙන්න

colombotoday

සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවෙන් මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉල්ලා අස්වෙයි.

colombotoday

තහනම් උත්තේජක අරන්… කුසල් ජනිත්ට ක්‍රිකට් තහනම්

colombotoday

රට ශක්තිමත් කළ සැණින් මැතිවරණ වැලක්

colombotoday

හමුදා පොලිස් සෙබලෙක් අයිස් සමග අත්අඩංගුවට

Admin