Colombo Today Local News

“බොදු උරුමය බෞද්ධයන්ගෙන් වෙන් නොකරනු” – ශ්‍රීපාදය අඹගමුවෙන් වෙන් කිරීමට එරෙහිව විරෝධතා

ඉදිරිෙය්දි පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී අඹගමුව ප්‍රාදේශීය සභාව කොට්ඨාශ ක්‍රමය අනුව කොටස් තුනකට වෙන් කිරිමේදී සිංහල ජනතාව බහුතරයක් ජීවත්වන අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ශ්‍රීපාදස්ථානය පිහිටි භුමිය වෙන් කිරීමට එරෙහිව ගිනිගත්හේන නගරයේ ප්‍රධාන බස් නැවතුම්පලේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

මෙම උද්ඝෝෂණය සංවිධානය කළ කන්ද උඩරට ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරයේ සභාපති හා අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී හෙළප්‍රිය නන්දරාජ් මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, බහුතරයක් සිංහල ප්‍රජාව ජීවත්වන අඹගමුව ප්‍රාදේශීය සභාව, මස්කෙළිය, නෝර්වූඩ් හා අඹගමුව වශයෙන් සභා 03 කට කඩා වෙන් කිරිමෙන් බහුතර බෞද්ධ ප්‍රදේශයෙන් ඉවත්වන ශ්‍රීපාද භූමිය හා මෙතෙක් කල් පැවති ජාතීන් අතර සැබෑ සංහිඳියාව රැක ගැනීම අරමුණු කරගෙන මෙම විරෝධතාව පවත්වන බවය.

මෙයට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට සූදානම් බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.මෙම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ. ගිනිගත්හේන නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

Related posts

රන්ජන්ගේ හඬපටි නාඩගම: විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහි නඩු විභාගය අත්හිටුවන්න නියෝගයක්

colombotoday

කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක රාජකීය විද්‍යාලය ඉදිරිපිට යකා නටයි !!

colombotoday

රවීව අත්අඩංගුවට ගැනීම හෙට තෙක් අත්හිටුවයි !

colombotoday

කොටි සොහොන් බිමක් හදන්න රජයේ මුදල් ලක්ෂ 40ක් වෙන් කෙරේ !

colombotoday

දරුවන් පලිහක් ලෙස පෙළපාළිවලට ගෙන යෑම බරපතළ වරදක්

colombotoday

පාර්ලිමේන්තුවේ දිනක වියදම කෝටි දෙකහමාරයි.. ගුටි ඇණගත් දින දෙකට කෝටි පහයි

colombotoday