Colombo Today Local News

මහ රහස් තොගයක් එළියට.. ඇමති මලික් සමරවික්‍රමත් බැදුම්කර කොමිසමට !

ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතව පිළිබදව විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසම හමුවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරි සතියේදී කැදවීමට නියමිත බව පැවසේ.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය සතියේ බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන් අතර එය දැඩි ආන්දෝනාත්මක සිදුවීමක් විය. කෙසේ වෙතත් බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂී දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවී කරුණානායක ඇමතිවරයා කියා සිටියේ, තමාට චෝදනා කරන්නේ හතුරන්ට වඩා මිතුරු වෙසින් ළග සිටිනා මෙම වරදට සම්බන්ධ වූ පුද්ගලයන් බවයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ තමා හට වරද පටවා නිවැරදිකරුවන් වීමට යැයිද හෙතෙම කියා සිටියේය.

රවී කරුණානායක ඇමතිවරයා සහ මලික් සමරවික්‍රම ඇමතිවරයා අතර පවතින නොමනාපකම දේශපාලන තිරය පිටුපස රහසක් නොවන අතර, රවී කරුණානායක ඇමතිවරයා “මිතුරු වෙසින් සිටින සතුරා” යැයි ඉගිකළේ මලික් සමරවික්‍රම මහතාට යැයිද වටහා ගැනීමට අපහසු නොවේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට, ජනාධිපතිවරණය සදහා ප්‍රචාරණ වියදම් වෙනුවෙන් ගෙවිය යුතු වූ බිලියන දෙකක ණය මුදල ගෙවීමට වෙනත් කිසිදු ක්‍රමයක් නොමැති බව කියමින් බැදුම්කර මගඩිය සදහා මඟ කපා තිබෙන්නේ අගමැතිවරයාගේ සමීපතම සගයා වන මලික් සමරවික්‍රම ය. අදාල බැඳුම්කර නිකුතුව අවසාන වූ මොහොතේ ම මලික් සමරවික්‍රම එතැනට පැමිණි බවට සීසීටීවී දර්ශන සාක්ෂි ද හමු වී ඇති බවද පැවසේ.

 

Related posts

අනුරගේ ඉන්දියා-චීන ගිවිසුම් කොළඹට ප්‍රබල මැදිහත්වීමක්

Admin

මන්ත්‍රීවරු සටන දිනයි… බදු රහිත වාහන බලපත්‍රය නැවත ලැබෙයි

colombotoday

කිලෝමීටරයකටවත් නැති පාරක් හදන්න වසර එකහාමාරකටත් වඩා කාලයක් යනවා.

colombotoday

එජාප මන්ත්‍රී මන්සූර් සහරාන් ත්‍රස්තයාගේ බිරිදගේ සැප දුක බලන්න රෝහලට ඇවිත්.. හරවා යැවූ වෛද්‍ය අධිකාරීට ස්ථාන මාරුවක්

colombotoday

“ඉඩමක හිමිකමක් අනුව කිසිවෙකු අපහසුතාවට පත් නොවිය යුතුයි” – රනිල් වික්‍රමසිංහ

Admin

පුත්තලම කලපු තීර උද්‍යානයේ නාඳුනන මළ සිරුරක්

Admin