Colombo Today Local News

කන්දකාඩුවෙන් පලා ගිය තවත් රැඳවියන් 09 දෙනෙකු අත්අඩංගුවට..

වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුම අතරතුර පලා ගිය තවත් රැඳවියන් 09 දෙනෙකු සේරුනුවර මහින්දපුර හා පුලස්තිගම ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

මහින්දපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබු රැඳවියන් 05 දෙනා මුතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුම අතරතුර පලා ගිය තවත් රැඳවියෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ සේරුනුවර නගරයේදී ය.

පලා ගිය තවත් රැඳවියන් 03 දෙනෙකු පුලස්තිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුම අතරතුර පලා ගිය සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදු කරනු ලබයි.

Related posts

නවීකරණය කරන ලද පොලිස් නේවාසිකාගාරය හා නව භෝජනාගාරය විවෘත කරයි

Admin

බදුර්දීන්ට රජ කාලේ දඬුවම් දිය යුතුයි

colombotoday

අලුත් නැවේ ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 3700 ගොඩබෑම අත්හිටුයි

colombotoday

PHI ලා කොරෝනා මර්දනයෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

ලංගමය දිලුම්ට, දුම්රිය සීබී ට…

colombotoday

ඉන්ධන පිරවුම්හල් වලට පොලිස් ආරක්ෂාව

colombotoday