Colombo Today Local News

STF භටයෙකුට සිර කරගෙන පහරදෙයි.. මඩකලපුවේ උණුසුම් තත්ත්වයක් !

වැලි ජාවරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනිමට මඩකලපුව කරදියනාරු ප්‍රදේශයෙ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමක් අතරතුරදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියක් හේතුවෙන් එම ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන අතර, එම තත්ත්වය මේවන විට පාලනය කර තිබෙනවා.

ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය වැලි ජාවාරමක් වැටලීම සදහා එම ස්ථානයට ගොස් ඇති අතර සැකකරුවන් පලා යාම වැලැක්වීම සදහා අහස වෙඩි තැබීමක්ද සදුකර තිබෙනවා. එම අවස්ථාවේදී පළාගිය සැකකරුවෙකු දියේ ගිලී මියගොස් තිබෙන අතර, ඉන් පසුව වැලි ජාවාරම්කරුවන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ග්‍රහණයට ගෙන ඔහුට පහර දි තිබෙනවා.

නමුත් පොලිස් විශේෂ කාර්ය බළකාය පසුව කරනු ලැබූ මෙහෙයුමකින් ජාවාරම්කරුවන් ග්‍රහණයේ සිටි නිලධාරියා බේරා ගැනීමට කටයුතු කර තිබෙන අතර ඔහු මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් 6ක් තුවලා ලබා ඇති අතර, මේ වන විට එම ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව තර කර තිබෙන බවයි සදහන් වන්නේ.

Related posts

රංජන් අධිකරණයට ගෙනඑයි

colombotoday

හැමදාම කළේ රස කතා කියා රට ඇන්දවීම… දමනය කළ යුත්තේ අරගලය නොව උද්ධමනයයි

colombotoday

ඒකාබද්ධයේ පිරිසකට මහින්දගෙන් දැඩි දොස්මුරයක්…

colombotoday

උපෙළ වෘත්තීය විෂය හදාරන සිසුන්ට රු 500ක දෛනික දීමනාවක්

colombotoday

ඇවන්ගාඩ් සමාගමේ යුක්රේන ජාතික කපිතාන්වරයෙකු අත්අඩංගුවට

colombotoday

WhatsApp අලුත් වෙයි : නව විශේෂාංග 3ක්..

Admin