World

ඉතාලියත් සංක්‍රමණිකයන්ට දොර වහයි.. තොටුපොළවල් වසා දමයි.. බෝට්ටු සේවා අවහිර කරයි !

ඉතාලිය තම රට වෙත සංක්‍රමණිකයන් පැමිණෙන සියළු තොටුපොළ වසා දැමීමට හා විවිධ සංවිධාන විසින් සංක්‍රමණිකයන් බේරාගැනීම සදහා යොදා ඇති බෝට්ටු සේවා අවහිර කිරීමට තීරණය කර තිබෙනවා.

ඉතාලිය සංක්‍රමණික ගැටළුව පිළිබදව පියවර ගැනීම සදහා ජර්මනිය, ප්‍රංශය යන රටවල අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා පැවැත්වීමට සූදානම්වන අතරතුරයි මේ තීරණය ගෙන තිබෙන්නේ.

අප්‍රිකානු කලාපයෙන් මධ්‍යධරණී මුහුද හරහා ඉතාලිය වෙත පැමිණෙන දැවැන්ත සංක්‍රමණිකයන් පිරිස මේ වනවිට දැරිය නොහැකි මට්ටමකට පත්ව ඇති බවත්, ඒ මහා ජන ගංගාව පාලනයට සහාය ලබාදිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයි. 2014 වසරේ සිට මේ දක්වා ඉතාලි වරාය ආශ්‍රිතව ලක්ෂ 5කට අධික සරණාගතයන් පිරිසක් රට තුළට පිවිස තිබේ.

එක්සත් ජාතීන්ගේ සරණාග ඒජන්සියේ මහ කොමසාරිස් ෆිලිප්පෝ ග්‍රැන්ඩි පවසා සිටියේ ඇස් පනාපිටම ඉතාලිය දැඩි අර්බුදයකට මුහුණදෙමින් සිටින බවයි. මෙය ඉතාලියට පමණක් හුදකලා වූ ප්‍රශ්නයක් නොවන බවද හෙතෙම අවධාරණය කළේය.

Related posts

රැජිනගේ දේහයට අවසන් ගෞවර දැක්විමට එන රාජ්‍ය නායකයන්ට උපදෙස් මාලාවක්

colombotoday

AI ජාත්‍යන්තර රාමුවක් ගැන චීනය උනන්දුවෙන් – Elon Musk

Admin

අකුණුසැර වැදී ඉන්දියාවේ 60ක් මරු දකී

colombotoday

කොවිඩ් පාලනයට එරෙහි ව නෙදර්ලන්ත වැසියන්ගෙන් පොලිසියට ප්‍රහාර

colombotoday

මිනිසුන්ගෙන් සුනකයින්ට වඳුරු උණ පැතිරෙයි – ආසාදනය වූ පළමු සුරතලා වාර්තාවේ

colombotoday

ලොව ධනවත්ම යාචකයා

Admin