Colombo Today Local News

අන්තරේ ජජුර සරසවියේ යකා නටයි.. පිරිත් පිංකම කඩාකප්පල් කර විද්‍යාපීඨ සිසුන්ට පහර දෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය මඟින් වාර්ෂිකව සංවිධාන කෙරෙනා පිරිත් පින් කමේ 2017 වසරේ වෙළුම ඉකුත් 30 වන දින පිඉට පරිශ්‍රයේ දී පැවැත්විණි.

පිං කම මධ්‍යයේ එම ස්ථානයට පැමිණි දඬු මුඟුරු රැගත් මුව ආවරණය කරගත් පිරිසක් පිං කම කඩාකප්පල් කොට එම ස්ථානයේ සිටි ශිෂ්‍ය, ආචාර්ය සහ දෙමාපිය ප්‍රජාව පුරා සිව් පැයකට අධික කාලයක් එම ස්ථානයේ රඳවාගමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී තිබේ. පිටයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට පහර දී ඇති මෙම පිරිස දෙමාපිය ප්‍රජාවට ද පරුෂ වචනයෙන් බැන වදිමින්, පීඨයේ දේපළ වලට අලාභ හානි පමුණුවමින් ඉතා නොමනා සහ අසික්ෂිත හැසිරීම් විලාශයක් ප්‍රදර්ශනය කර ඇති අතර තත්ත්වය පාලනය කිරීමට සිසුන් විසින් කැඳවා තිබූ සරසවි විනයාධිකාරී නිලධරයනට ද බාධා පමුණුවා තිබේ.

පිං කම අතරතුර බෙදා දීමට තිබූ ආහාර සියල්ලක් උනුන් අතරේ පරිභෝජනය කර ඇති මෙම පිරිස හේතුවෙන් පිං කම සඳහා සහභාගී වූ සිය ගණනක පිරිස අධික කුසගින්නෙන් පැය ගණනාවක් පීඩා විඳ ඇත. පැය ගණනක් ගත වුවත් තත්ත්වය පාලනය වන හෙයක් නුදුටු ශිෂ්‍යයින් විශේෂ කාර්ය බලකායේ පිහිට පතා ඇති මුත්, විශ්වවිද්‍යාලයේ උප කුලපති තුමන් විශේෂ කාර්ය බලකා නිලධාරින් හට සරසවිය තුළට ඇතුළු වීමට ඉඩ ලබා දී නොමැත.

නවක වධයෙන් සම්පුර්ණයෙන් ම තොර ව්‍යවහාරික විද්‍යා පීඨය මඟින් පවත්වනු ලබන මෙම පිං කමට ඇත්තේ අභිමානවත් අතීතයකි. 2014 වසරේ මෙම පිං කම සඳහා ඉදි කර තිබූ ගොක් කොල පිරිත් මණ්ඩපය දුටු පැපිලියානේ සුනේත්‍රා දේවි පරිවේනාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පැවැසුයේ වසර විස්සකට පමණ පසුව සරසවියේ ගොක් කොලින් පිරිත් මණ්ඩපයක් ඉදි ව ඇති බවත්, එය සිදු කර ඇත්තේ ද විද්‍යා පීඨයෙන් බවත් ය. එම වසරේ දී ද පිරිත් මණ්ඩපය ඉදි කළ පිරිස හට මෙවැනිම අමානුෂීය පහර දීමක් සිදුව ඇත්තේ පටු දේශපාලන අරමුණු කරපින්නා ගනිමින් සරසවිය තුල පැල පදියන් ව සිටිනා ඊණියා සමාජවාදීන්ගේ නිරුවත හුවා දක්වමිනි.

පහරදීම සිදු කර ඇති බොහෝ දෙනෙක් මේ වන විටත් හඳුනාගෙන ඇති අතර ඒ අතරින් බොහොමයක් අන්තර් විශ්වවිද්‍යාල සිසු බල මඩුලු සහ මහා සිසු බල මඩුලු වල ඇතුළතුන් බව ද පැහැදිලි වී හමාරය.

සිද්ධිය සම්බන්ධයෙන් ගොළු වත රකිනා සරසවියේ උප කුලපතු ප්‍රමුඛ පාලනාධිකාරිය, සරසවිය පාලනය වන්නේ ඔවුන් ඇති ද දඬු මඟුරු රැගත් මිලේච්ඡ තිරිසනුන් අතින් ද යන පැණය යළි යළිත් මතු කරයි. බොදු අඹරේ පෑ සිළුමිණක් වන සිරි සුමඟුල් හිමි වැඩ වෙසූ එවක විදුදැය පිරිවෙණේ පිරිත් පිං කමක් වත් නිදහසේ පවත්වන්නට නොහැකි නම්, ඒ බිම ලැබූ සංවර්ධනය කුමක් දැයි පාලකයන් නැවත හැරී බැලිය යුතු නොවේ ද ?

කවිඳු ධිල්ශාන්

[fbvideo link=”https://www.facebook.com/kavindu.dil/videos/10212921988154519/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

පොහොට්ටුවට එක්වන්න ආ ෆයිසර් මුස්තාපාව පන්නා දමයි !

colombotoday

ශ්‍රී ලංකන් වෙත වතුර කෝප්ප ඩුබායි සමාගමකින් මිලට ගැනීම අත්හිටුවයි…. දේශීය සමාගම්වලට ප්‍රමුඛ තැන !

colombotoday

ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස ව්‍යාපෘතියේ වැඩ නැවතුණු ගෙවල් හදන්න මිලියන 751ක්

Admin

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අත්හිටුවයි

colombotoday

උතුරෙන් උමතු යෝජනා 15ක්.. ලක් ඉතිහාසයත් අලුතෙන් ලියන්න ඉල්ලයි !

colombotoday

අලුත් පක්ෂය ස්ථීරයි.. අවසන් සාකච්ඡාව ඊයේ.. ලියාපදිංචිය ඉදිරි දෙසතියේ

colombotoday