Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා සඳහා වසරකට කෝටි 25ක් !

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 කගේ දීමනා සදහා පසුගිය 2016 වර්ෂයේදී රුපියල් 258,582,312.82 ක මුදලක් වැයකර ඇති බව පාර්ලිමේන්තුවේ තොරතුරු අනාවරණය කරයි.

පාර්ලිමේන්තුව සාමාන්‍යයෙන් මාසයකට දින 08 ක් පවත්වනු ලබන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙනුවෙන් දීමනා සඳහා දිනකට වැයවන මුදල රුපියල් 12 ,008.09 කි.

එම තොරතුරු අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙනුවෙන් දීමනා වෙනුවෙන් මාසයකට රුපියල් 97,065.43 ක මුදලක් වැය කරන අතර වසරකට රුපියල් 1,164,785.20 ක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු තොරතුරු වාර්තා දක්වා තිබේ.

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ක් සිටින අතර, ඔවුන් සියලු දෙනා වෙනුවෙන් දීමනා සඳහා දිනකට වැය කරන මුදල 2,665,797.04 කි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් දීමනා සඳහා මාසයකට රුපියල් 21,548,526.07 ක් වැයකර ඇති අතර ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් 225 නා සඳහා වසකරට රුපියල් 258,582,312.82 ක් වැයකර ඇති බව පාර්ලිමේන්තු වාර්තා දක්වා ඇත.

2016 වසරේ පාර්ලිමේන්තුව දින 97 ක් පවත්වා ඇති අතර එම වර්ෂයේ පාර්ලිමේන්තුවේ වාර්ෂික වියදම රුපියල් 1,619,500,803.00 කි.

Related posts

ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක්

Admin

පාස්කු ප්‍රහාරය එල්ල කලේ ISIS නොවේ, අදෘෂ්‍යමාන බලවේගයක් – රවුෆ් හකීම්

colombotoday

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය දිගටම. අනෙකුත් පළාත් සඳහා පැය 6කට ඉවත් කෙරේ

colombotoday

විල්පත්තුව ගැන මට තනි තීරණයක් ගැනීමට බෑ… ජනපති අගමැති සහ ඒ ඇමතිතුමා සමග සාකච්ඡා කළ යුතුයි

colombotoday

මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ආගමික නායකයන් හමු වෙයි

colombotoday

අලුත් අවුරුදු දා කොළඹ වටලා විරෝධතා

colombotoday