Colombo Today Local News

SAITM වීරෝධී සිසුන්ට එරෙහි විරෝධයට රාජිත සෞඛ්‍ය සේවකයන් බලෙන් ගෙන්වයි !

මාලඹේ සයිටම් ආයතනයට විරුද්ධව විරෝධතාවයේ නිරත සිසුන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවීමට ගත් උත්සායට විරෝධය දක්වමින් සෞඛ්‍ය ආමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අද (27) සංවිධානය කර ඇති විරෝධතාවයක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආයතවල ස්ථීර නොකළ සේවකයන් බලහත් කාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාශංය ඉදිරිපිටට රැගෙන එමින් සිටින බව වාර්තා වේ.

එම සේවකයන්ව සේවයේ සිටියදීම රාජකාරියෙන් පරිබාහිර මෙම විරෝධතාවය සඳහා රැගෙන යමින් සිටිති.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සංස්ථාව, සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය ආදී ආයතනවල සේවකයින් බියවද්ධමින් තර්ජනය කරමින් ඉතාමත් නීති විරෝධී ලෙස අදාළ උද්ඝෝෂණය සඳහා සහභාගී කරවා ගනිමිනි සිටියි.

පසුගිය මැයි දිනයටද රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙලෙසම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථීර නොකළ සේවකයින් රැගෙන ගියේය.

Lankatruth

Related posts

“රනිල් වනාහී නුතනත්වයේ දාසයෙකි.. ETCA අත්සන් කිරීමට යාමේ හේතුව එයයි” – මහාචාර්ය නලින් ද සිල්වා

colombotoday

නාලක සිල්වාට අනිවාර්ය නිවාඩු

colombotoday

පැය 24ක් තුළ බස්නාහිර පළාතේ කළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමඟ 381ක් අත්අඩංගුවේ

colombotoday

අන්තරේ විරෝධතාකරුවන් 25ක් අත්අඩංගුවට

colombotoday

කලාප 66 ක ඩෙංගු අධිඅවදානම්

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි වැටුප ගැන නිවේදනයක්

Admin