Colombo Today Local News

“2009 ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය තුරන් කළත්, දැන් තත්ත්වය අවදානම්“ – බ්‍රිතාන්‍ය රජය

ශ්‍රී ලංකා තුළ ත්‍රස්තවාදි තර්ජනය ඉවත දැමිය නොහැකි බව ශ්‍රී ලංකාවේ පිහිටා ඇති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අදහස් කරන එංගලන්ත සංචාරකයන් වෙනුවෙන් ඔවුන් නිතිපතා ලබාදෙන උපදෙස් මාලාවේ මේ බව සඳහන් වෙයි.

එහි නවතම යාවත්කාලීන කිරීම ඊයේ (13දා) සිදුකර තිබේ. ත්‍රස්තවාදය, ආරක්ෂාව, දේශීය නීතිය, රටට ඇතුළුවීමේ නීතිය, සෞඛ්‍ය, ස්වාභාවික ආපදා, මුදල් හා සංචාරක උපදෙස් යටතේ මෙම යාවත්කාලීන කිරීම සිදුකර තිබේ.

2009 වසරේදී ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය තුරන් කළත් ඇතැම් ප්‍රදේශවලට තවමත් ඉහළ ආරක්ෂාවක් සපයා ඇති බවත් එවැනි ප්‍රදේශවලට මෙන්ම අධි ආරක්ෂිත කලාප වලට ඇතුළු නොවන ලෙසත් මහ කොමසාරිස් කාර්යාලය උපදෙස් දෙයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ බොහෝ විට එංගලන්ත සංචාරකයන්ට ගැටලුවකින් තොරව සංචාරය කළ හැකි නමුත් ලිංගික හිංසනය, මාර්ග අනතුරු, ජලයේ ගිලීම් හා ණය කාඩ්පත් වංචා පිළිබඳව අවධානය යොමුකරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඩෙංගු රෝගයේ අවධානමක් තිබෙන බවත් මෝසම් වැසි ඇති විය හැකි වීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ඔවුන් එංගලන්ත සංචාරකයන් ඉල්ලා සිටියි.

එසේම එංගලන්ත සංචාරකයන් වෙනුවෙන් ලෝකය පුරාම ත්‍රස්තවාදී අවධානමක් පවතින බවත් මේ පිළිබඳව අවධානය යොමුකරන ලෙසත් මහ කොමසාරිස් කාර්යල පවසයි.

Related posts

කොරෝනා වෛරසය හේතුවෙන් තුන්වන පුද්ගලයාත් මරුට

colombotoday

2015 ජනවරමට අපි පිටුපෑවා… එහි ප්‍රතිපලයි දැන් අපි බුක්ති විදින්නේ…

colombotoday

එන ඕන ක්‍රමයකට මුහුණ දෙන්න පොහොට්ටුව සූදානම්

Admin

ආර්ථික කමිටුවක් තිබෙන බව කී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශය අරගෙන

Admin

මේ ආණ්ඩුව කෝටි 13000ක් අච්චු ගහලා..

Admin

නාමල් වැලිකඩ සිරකරුවන්ට යෝග උගන්වයි

colombotoday