Colombo Today Local News

ඔයා දේශපාලනයෙන් අයින් වෙලා හමුදාවටම යනවා නම් හොඳයි – මෛත්‍රී ෆොන්සේකාට කියලා

හමුදා සේවයේදී දක්ෂයින් ලෙස නමක් දිනාගෙන සිටි පුද්ගලයින් දේශපාලනයට පැමිණි විට ‘ෆේල්’ වනබව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

හමුදා නිලධාරීන්ට දේශපාලනය නොගැලපෙන බව ජනාධිපතිවරයා ද තේරුම් ගෙන ඇතැයි ඔහු කියා සිටියි.

බදුල්ල හාලිඇල ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් එබව පැවසු ඇමතිවරයා, මීට පෙර ද මෙරට දේශපාලන ඉතිහාසයෙන් ඊට උදාහරණ පවතින බව කියා සිටියේය.

ඉකුත්දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට ඒ සම්බන්ධයෙන් ඉඟියක් ද ලබා දුන් බව ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

“දේශපාලනයයි හමුදා පාලනයයි කියන්නෙ දෙකක්. ඒ නිසා තමයි මේ රටේ මිනිස්සු හමුදාවේ ඉඳලා ඇවිත් ඡන්දෙ ඉල්ලුවාම වරක් පරාජය කලේ. ජනාධිපතිතුමාත් කැබිනට් රැස්වීමෙදි විහිළුවක් කරලා ඒ නිසා තමයි සරත් ෆොන්සේකාට කිව්වේ ඔයා දේශපාලනයෙන් අයින් වෙලා හමුදාවටම යනවා නම් හොඳයි කියලා.

හමුදාවේ ඉන්නකොට ඒගොල්ලො දක්ෂයෝ. ඒක සරත් ෆොන්සේකාටත් පොදුයි..ගෝඨාභය රාජපක්ෂටත් පොදුයි.. අනිත් අයටත් එහෙමයි. හැබැයි ඒ අය දේශපාලනයට ආපුවාම නිකං නෙමෙයි හොඳටම ෆේල්.”

Related posts

මේ මාසේ අග බැසිල් ඉන්දීය සංචාරයක

colombotoday

ඩුබායි සැඟව සිටින තරංගගේ ගෝලයෙක් අත්අඩංගුවට

Admin

ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහිව පාක්‍යසොක්ති සරනමුත්තු සහ සන්ධ්‍යා එක්නැලිගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන්න සැරසෙන ලංකාවේ කෙනෙක්

colombotoday

22ට එරෙහි පෙත්සම් නවයේ විභාගය අවසන්…තීන්දුව කතානායකට

colombotoday

රජය ගත් යහපත්ම තීරණය පොලිතීන් තහනමයි.. ඊට සහය දෙමු !

colombotoday