Colombo Today Local News

මැයි රැලියෙන් පසු මහ පෙරැළියක් !

හෙට පැවැත්වෙන මැයි දිනයෙන් පසුව බරපතළ තීරණාත්මක දේශපාලන වෙනස්කම් රැසක් සිදුවන බවට දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කරති.

ඔවුන් පෙන්වා දෙන්නේ දැනටමත් වෙන් වෙන්ව දේශපාලනයේ යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්ථීර වශයෙන් දෙකට වෙන්වී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් වනු ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායක මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ ජේ‍යෂ්ඨයන් කීප දෙනකු ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීම පක්ෂය දෙකඩ වීම තවත් ඉක්මන් කිරීමට එක් හේතුවක් වූ බවත් මැයි දිනයෙන් පසුව එහි ජේ‍යෂ්ඨයන් තවත් කීප දෙනකු ඉවත් කෙරෙන අතර මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය භාර ගතහොත් පක්ෂයේ කුරුණෑගල ආසන සංවිධායක ධුරයෙන් ඔහු ඉවත් කරනු ඇති බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ගාලු මුව‍ෙදාර පැවැත්වෙන එම පෙරමුණේ මැයි රැලියට සහභාගි වන ඒකාබද්ධ පෙරමුණේ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් සියලු දෙනාටම එරෙහිව විනය පියවර ගන්නා අතර බොහෝ විට ඔවුන්ට ඉදිරි කාලයේ මන්ත්‍රි ධුරය අහිමි වීමේ තත්ත්වයක් උදාවීමට ඉඩකඩ ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එවැනි තත්ත්වයක් උදාවනු ඇති බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පක්ෂ විනය කැඩුවොත් මහින්ද රාජපක්ෂට වුවත් වැඩ වරදින බවට අනතුරු ඇඟවීමක්ද කර තිබිණි.

ගාලුමුව‍ෙදාර පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි දින රැලියේ මූලාසනය දරන්නේ මහින්ද රාජපක්ෂ මහතා බැවින් පක්ෂ විනය කඩකරමින් වෙනත් පක්ෂයක රැස්වීමක මුලසුන දැරීම පක්ෂයේ විනය එළිපිටම උල්ලංඝනය කිරීමක් බැවින් ඉදිරියේ පැවැත්වෙන ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඔහුට විරුද්ධව සෘජු ලෙසම තීන්දුවක් ගන්නා බව එම පක්ෂයේ ජේ‍යෂ්ඨ මධ්‍යම කාරක සභිකයන් පැවැසීය.

මේ අතර පසුගියදා බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සංවිධාන මේ වනවිට ගොඩනංවා අවසන් බවයි.

මේ අතර බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර තිබුණේ ශ්‍රී ලනිප දෙකඩ කිරීමේ වගකීම වත්මන් නායකයා භාර ගත යුතු බවයි.

එමෙන්ම ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා සන්ධානයේ මැති ඇමැතිවරුන්ට ඒකාබද්ධ විපක්ෂය හා එක්වන ලෙසට මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක්ද කොට තිබේ.

Mawubima

Related posts

සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

කළහකාරී මුස්ලිම් පිරිසක් රත්නපුර ගිණියම් කරයි.. පාර වසා මග අහුරා යකා නටයි

colombotoday

එක්සත් ජාතික පක්ෂය තරුණ නායකත්වයක් යටතට පැවරීමේ තීරණයක්

colombotoday

පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් තවත් ගැසට්ටුවක්

colombotoday

කොරෝනා ආසදිතව සුව වී දින 2කින් තරුණියක් මිය යයි

colombotoday

සති දෙකක් තුළ වැඩි මිලට සහල් විකුණු 1000 කට නඩු

colombotoday