Colombo Today Local News

පාසල් සිසු උද්ඝෝෂණ තහනම් කෙරේ

පාසල් කාලය තුළ සිසුන් උද්ඝෝෂණවලට සහභාගි කරවා ගැනීම සහ බාහිර පුද්ගලයන් හෝ කණ්ඩායම් අවසරයකින් තොරව පාසල්වලට
ඇතුළු වීම, එලෙස ඇතුළු වී සිසුන් ඇමතීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ චක්‍ර‍ලේඛයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ පළාත් අධ්‍යාපන ‍ලේකම්වරුන්ගේ හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ විශේෂ අවසරයකින් තොරව පාසල්වල කිසිදු රැස්වීමක් හෝ සාකච්ඡාවක් නොපැවැත්වීමට වගබලා ගන්නා ලෙස සියලු පාසල් ප්‍රධානීන්ට උපදෙස් ලබා දෙන ලෙස එමගින් දැනුම් දී ඇත. එම උපදෙස් නොපිළිපැදීමෙන් ඇතිවන කවරාකාරයක අර්බුදකාරී තත්ත්වයකට වුවද අදාළ පාසල්වල විදුහල්පතිවරු පෞද්ගලිකවම වගකිව යුතු බවත් එමගින් දැනුම් දී ඇත.
රජයේ ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමට එරෙහිවත්, වෙනත් අන්තගාමී මතවාද පාසල් සිසුන් අතර ප්‍රචලිත කිරීමටත් ඇතැම් පුද්ගලයන් හා සංවිධානාත්මක කණ්ඩායම් විසින් කටයුතු කරන බවට හා එමගින් සිසු ඉගෙනුම් ක්‍රියාවලියටත්, විනයටත් බාධාවක් වන බවට මව්පියන් විසින් කරන ලද පැමිණිලි මත අධ්‍යාපන අමාත්‍යාංශය මෙම චක්‍ර‍ලේඛය නිකුත් කර තිබේ.

Related posts

ඉන්දීය අගමැති සහ ජනපති අතර හමුවක්

colombotoday

මහින්ද+මෛත්‍රී පටලවන මාධ්‍ය මෙහෙයුම එජාප ප්‍රබලයෙක්ගේ

colombotoday

ජිනීවා සිංහ ප්‍රහාරයෙන් නන්නත්තාර වූ වයිකෝ, ඉන්දියාවේදී සිංහ කොඩි ගිනි තබා යකා නටයි !

colombotoday

වප් පොහොය අදයි, මේ කඨින චීවර මාසයයි.

colombotoday

පොලිස් කොමිසමට හොරෙන් නිලධාරීන්ට ස්ථාන මාරු, පොලිස් කොමිසම නමට පමණද?

colombotoday

ගුරු මාරුවීම් වලට ආණ්ඩුවේ දේශපාලකයන් මැදිහත් වෙලා

Admin