Colombo Today Local Newsextremism & terrorism activities

මුස්ලිම් ජාතියේ ඉවසීම නැතිවුණොත් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙයි – ෂිබ්ලි ෆාරුක්

මෙරට මුස්ලිම් ජාතීන්ගේ ඉවසීම නැති වුවහොත් ශ්‍රී ලංකාවට දරුණු ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවෙනු ඇතැයි නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ෂිබ්ලි ෆාරූක් පවසයි.

ඔහු මේ බව පැවසුවේ එම පළාත් සභාවේ මාසික රැස්වීමේදී ය.

“රටේ සිදුවෙන ජාතීවාදී ක්‍රියාකාරකම් මෙරට තවත් ලේ වැගීරීමකට මග පාදනු ඇත. සිංහල ජාතීන්ගෙන් බහුතරය ජාතීවාදය අනුමත කරන්නේ නැහැ. මෙරට මුස්ලිම් දෙමළ වැසියන් නැවත වරක් ප්‍රශ්න මාලාවකට මුහුණ දෙමින් සිටිනවා. මෙම තත්ත්වය වර්ධනය වෙන්න හේතුව තමයි පවතින දේශපාලන හා අන්තර්ජාතික පීඩනය නිසයි. මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසු මෙවන් මාලාවන් දක්නට ලැබුණා“යැයි ඔහු කීවේය.

“නැවතවරක් මෙම ජාතීවාදී ක්‍රියාකාරකම් ඇතිව තිබෙන්නේ 1983 ලේ වැගිරීම හා යුද්ධයේ කැලැල් තවමත් සුව වී නැති අවදියකයි. ඒ නිසා මෙම යහපාලන රජය ගැන විශාල විශ්වාසයක් ඇති වී තිබෙන අතරතුර රජය මෙම ජාතීවාදී බලවේගවලට හිස එසවීමට නොදී මැඩ පවත්වාගත යුතුයි“යැයි ඔහු කීවේය.

Related posts

ජනපති සහ බ්‍රිතාන්‍ය හිටපු අගමැති අතර හමුවක්

Admin

මන්ත්‍රී රාජිතට අයත් වත්තක් ගැන පැමිණිල්ලක්

colombotoday

“බුද්දාගමට මුල්තැන දෙනවානම් ඒ දේශපාලන විසදුම් අපට එපා“ – දෙමළ සන්ධානය

colombotoday

දේශබන්දුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

රාජාංගනයේ සහ යාපනයේ ඇඹුල් කෙසෙල් සතිපතා ඩුබායිවලට

Admin

විහාරස්ථානවල විදුලි පහන් නිවා විදුලි බිලට විරෝධයපාන්න යෝජනාවක්

colombotoday